ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 154 ක් දක්වා ඉහළට

Covid-19 deaths

Source: Pixabay

ඊයේ (14/12) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී තිබේ.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

ඒ අනුව, මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 154ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 329ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 325ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 4ක්ද සිටී.

පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුද ඇතුළුව ඊයේ දිනය තුලදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 685ක් වේ.

ඒ අනුව ඊයේ දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 33,481 කි.


Share
Published 15 December 2020 11:11am
By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service