COVID 19 update 02 May: ප්‍රාථමික කොවිඩ් එන්නත් ගැනීමේ කාල පරතරය වැඩි කිරීමට ATAGI වෙතින් නිර්දේශයක්

2022 මැයි 02 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

The Australian Technical Advisory Group on Immunisation (ATAGI) has recommended significant changes to COVID-19 vaccination.

The Australian Technical Advisory Group on Immunisation (ATAGI) has recommended significant changes to COVID-19 vaccination. Source: AAP Image/Dan Himbrechts

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 13 ක් වාර්තා වී ඇති අතර ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 5 ක්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් 3 ක්ද ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.


mRNA එන්නත් මාත්‍රා දෙකක් අතර පරතරය සති අටක් දක්වා වැඩි කළ යුතු බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) නිර්දේශ කර ඇත.

Pfizer සඳහා පෙර නිර්දේශය සති තුනේ සිට හය දක්වා වූ අතර Moderna සඳහා එය සති හතරක් හෝ හයක් විය.

"දිගු මාත්‍රා විරාමයක් මගින් myocarditis සහ pericarditis ඇතිවීමේ අවදානම ද අඩු කළ හැකියි. මෙම අතුරු ආබාධයේ වැඩි අවදානමක් ඇති කණ්ඩායම් සඳහා (වයස අවුරුදු 40 ට අඩු අය) දිගු මාත්‍රා පරතරය විශේෂයෙන් නිර්දේශ කෙරෙනවා." යනුවෙන් ATAGI පවසයි.
ප්‍රෝටීන් පදනම් කරගත් Novavax එන්නතෙහි ප්‍රාථමික මාත්‍රා දෙකක් අතර පරතරය සති අටක් දක්වා (අවම වශයෙන් සති තුනක සිට) දීර්ඝ කිරීමටද ATAGI  නිර්දේශ කර ඇත.

COVID-19 ආසාදනය වී ඇති පුද්ගලයින් ඔවුන්ගේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට පෙර කොවිඩ් සුවවී මාස තුනක් බලා සිටින ලෙස ඔවුන් තවදුරටත් නිර්දේශ කළේය.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය තවදුරටත් ඕස්ට්‍රේලියාවේ සංසරණය නොවන අතර Omicron ප්‍රභේදය පසුගිය මාස තුන තුළ ප්‍රමුඛ ප්‍රභේදය වී ඇති බව සඳහන් වේ.
බටහිර ඔස්ට්‍රේලියාව අද සිට සමීප ආශ්‍රිතයින් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ 10ක් ලබා දීමට නියමිතය. නොමිලේ එම rapid antigen පරීක්ෂණ කට්ටල ලබා ගත හැකිය.

වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් විසින් මෙල්බර්න් අපජල පෝෂක ප්‍රදේශයක තිබී නව විකෘති කොවිඩ් ප්‍රභේදයක් සොයාගෙන ඇත. BA.2.12.1 නමැති මෙම නව ප්‍රභේදය BA.2 Omicron ප්‍රභේදයේ උප පෙළපතකි, එය වික්ටෝරියා සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ විකෘති කොවිඩ් ප්‍රභේදය ලෙස දිගටම පවතී.

මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය මීට පෙර උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අනාවරණය විය. "මුල් සාක්ෂි වලින් පෙනී යන්නේ එය BA.2 ට වඩා සම්ප්‍රේෂණය වන නමුත් වඩා දරුණු රෝග ඇති නොකරන බවයි," වික්ටෝරියා රජය පැවසීය.
Novavax එන්නත දැන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පවුලේ වෛද්‍යවරුන්ගේ සායනවල, ඔසුසැල්වල සහ Adelaide (Myer Center) COVID-19 එන්නත් කිරීමේ සායනයේ ඇත.

 

 


Share
Published 2 May 2022 2:59pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service