COVID 19 update 28 October: ඔස්ට්‍රේලියාව ලොව වැඩිම කොවිඩ් එන්නත ලැබූ රටක් බව අගමැති මොරිසන් කියයි

2021 ඔක්තෝබර් 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

PM Morrison

Speaking from Parliament House, Canberra, PM Scott Morrison said that Australians will be able to travel overseas from next Monday. Source: AAP

Highlights

  • නොවැම්බර් 08 සිට ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් කොවිඩ් එන්නත ලබාගත හැකි බව අගමැති මොරිසන් කියයි.
  • ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම ආරම්භයේ පටන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ගතවූ පැය 24 න්.
  • අනිවාර්ය කොවිඩ් එන්නත්කරණය හේතුවෙන් ක්වීන්ස්ලන්තයේ පොලිස් නිලධාරීන් 150 ක පමණ පිරිසක් සේවයෙන් පහ කරයි.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,923 ක් හමුවී ඇඇති අතර කොවිඩ් මරණ 25 ක් ද සිදුවී තිබේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම ආරම්භයේ පටන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස එය සටහන් වේ.

කොවිඩ් වයිරසය නිසා මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල උදවියට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සිය සංවේගය පළ කළේය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ කොවිඩ් නීති හෙට පස්වරු 6 සිට ලිහිල් කෙරේ.

තවද කොවිඩ් එන්නතෙන් නිදහස් වීමට හිමිකම් කියන පුද්ගලයින් දැන් තමන්ගේ ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනයේ පිටපතක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ යුතු බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 293 ක් හමුවී තිබෙන අතර කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.

මේ අතර Darlinghurst හි පිහිටි City Gym කායවර්ධන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු සිටින බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 18 සිට 23 දක්වා හෝ ඔක්තෝබර් 25 දින එම කායවර්ධන මධ්‍යස්ථානයට ගිය පිරිස් වෙතොත් ඔවුන් වහාම කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඍණාත්මක ප්‍රතිඵල පැමිණෙන තෙක් හුදකලා විය යුතුය.

තවද හෙට සිට යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු නිරාවරණය වූ ස්ථානයකට ඇතුළු වුවහොත් Service NSW app එක හරහා ඒ පිළිබඳ දැනුම් දීම ආරම්භ කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාරිභෝගික සේවා ඇමති Victor Dominello පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට 

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ඔක්තෝබර් 4 ට පෙර කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වූ ක්වීන්ස්ලන්ත පොලිස් නිලධාරීන් 150 කගේ පමණ වැඩ තහනම් කර තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවේ.

පසුගිය පැය 24 තුළ ඔස්ට්‍රේලියාව වටා වාර්තා වූ කොවිඩ් තතු

  • ප්‍රාථමික, ද්විතීයික හෝ බූස්ටර් මාත්‍රා ලෙස ඔස්ට්‍රේලියාව පුරා සියලුම ඔසුසල්වලින් Pfizer එන්නත නොවැම්බර් 8 දා සිට ලබා ගත හැකිය.
  • ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 8 ක් වාර්තා වේ.
  • ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් හතරෙන් තුනක් මේ වන විට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන්  කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා  වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : 
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ :  .  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : .


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:




එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share
Published 28 October 2021 1:42pm
Updated 12 August 2022 3:01pm
By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service