COVID 19 update 12 May: වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයින් සහ රෝහල්ගත කොවිඩ් රෝගීන් ඉහළට

2022 මැයි 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Hospitalisations soar in QLD

Hospitalisations soar in QLD Source: AAP Image/Jono Searle

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 49 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 23 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 15 ක්ද ඊට ඇතුලත්වේ.

ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 16,670 ක් වාර්තා වූ අතර එය ඊට පෙර දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා තරමක අඩුවීමකි.එමෙන්ම මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 6 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත  ලබාගත හැකිය.
කොවිඩ් එන්නත් කිරීමේ තාවකාලික තොරතුරු මධ්‍යස්ථාන දැන් පහත සඳහන් සාප්පු මධ්‍යස්ථානවල සහ ස්ථානවල මැයි 15 දක්වා විවෘතව පවතී.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය – Bankstown, Bankstown Central
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය – Liverpool, Liverpool Plaza
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය – Logan, Arndale Shopping Centre
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය – Strathpine, Strathpine Centre
  • වික්ටෝරියා ප්‍රාන්තය – Keilor, Roxburgh Village
  • වික්ටෝරියා ප්‍රාන්තය – Pakenham, Arena Shopping Centre
  • Northern Territory – Casuarina Square, Casuarina Square SC
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය – Adelaide, Blakes Crossing Shopping Centre
SARS-CoV-2 හි සියලු දන්නා සහ අනාගත ප්‍රභේදවලට එරෙහිව එන්නතක් නිපදවීමට Sydney විශ්ව විද්‍යාලය ඉන්දියාවේ Bharat Biotech සහ ස්විට්සර්ලන්තයේ ExcellGene SA සමඟ හවුල් වී ඇත.

mRNA එන්නත් වල සිව්වන මාත්‍රාව වයස අවුරුදු 70 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන බව එක්සත් රාජධානියේ එන්නත් කාර්ය සාධක බලකාය සහ Lancet හි ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ අරමුදල් සහිත අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු උතුරු කොරියාව සිය පළමු COVID-19 රෝගියා තහවුරු කර තිබේ. එහි රාජ්‍ය මාධ්‍ය මෙම තත්වය "ප්‍රධාන ජාතික හදිසි අවස්ථාවක්" ලෙස හැඳින්වූ නමුත් ආසාදිතයින් සංඛ්‍යාව හෙළි නොකළේය.



Share
Published 12 May 2022 1:31pm
Updated 12 May 2022 1:38pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service