COVID 19 update 22 June: දකුණු ඔස්ට්‍රේලියාව නව කොවිඩ් රැල්ලකට සැරසෙන අතරේ ඔස්ට්‍රේලියාවෙන් තවත් මරණ 61 ක්

2022 ජුනි 22 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

South Australia is preparing for a new wave that could take the daily COVID-19 cases to between 4000 and 5000 over the next two months.

South Australia is preparing for a new wave that could take the daily COVID-19 cases to between 4000 and 5000 over the next two months. Source: AAP Image/David Mariuz

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 61 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 26 ක් ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 24 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 06 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 02 ක් ද වාර්තා විය.

මේ මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තා කළ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව (9,472) සහ කොවිඩ් මරණ සංඛ්‍යාව (26) ගතවූ පැය 24 න් වාර්තා විය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල්ගත වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. ඊයේ දිනයේදී එම සංඛ්‍යාව 491 ක් වූ අතර අද වන විට 497 ක් බවට පත්වී තිබේ.

මේ අතර ටස්මේනියා ප්‍රාන්තයෙන් සහ Australian Capital Territory වෙතින් දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පිළිවෙලින් 1,157 සහ 1,085  ලෙස වාර්තා වන අතර පසුගිය සති හතර තුළ ඔවුන්ගේ වාර්තා වූ ඉහළම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එය වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත  ලබාගත හැකිය.
ඉදිරි මාස දෙක තුළ දෛනික COVID-19 රෝගීන් 4000 ත් 5000 ත් අතර දක්වා ඉහළ යා හැකි නව රැල්ලක් සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සූදානම් වෙමින් සිටී. මේ වන විට ප්‍රාන්තයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2,500 ක් පමණ වේ.

BA.5 ප්‍රභේදය නව ආසාදන ඇති කිරීමට සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝහල් පද්ධතියට පීඩනයක් එල්ල කිරීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, නව රැල්ල පෙර පැවති ඒවාට වඩා අයහපත් විය නොහැකි බව පර්යේෂකයන් පවසයි.

අනාගත වසංගතවලින් රටවල් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද නව ගෝලීය අරමුදලකට ඔස්ට්‍රේලියාව දායක වන බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපයේ ඇතැම් රටවල් වෙත යන ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී මුව ආවරණ ඉවත් කිරීමට Qantas ගුවන් සේවය තීරණය කර තිබේ.

Share
Published 22 June 2022 4:54pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service