COVID 19 update 06 October: වික්ටෝරියා ප්‍රාන්තය rapid antigen පරීක්ෂණ ඇරඹීමට යයි

2021 ඔක්තෝබර් 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Victorian Health Minister Martin Foley (left) and Victorian COVID-19 Commander Jeroen Weimar arrive to address the media during a press conference in Melbourne, Wednesday, October 6, 2021.

Victorian Health Minister Martin Foley (left) and Victorian COVID-19 Commander Jeroen Weimar in Melbourne, Wednesday, October 6, 2021. Source: AAP/James Ross

Highlights

  • මිලියන 2.2 ක rapid antigen පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වේ.
  • කොවිඩ් නිසා ආර්ථික පීඩාවට පත් ව්‍යාපාරවලට සහය වීම සඳහා NSW ප්‍රාන්තය නව ව්‍යාපාර සහන පැකේජයක් ස්ථාපනය කරයි.
  • ACT හි වයස 12 ට වැඩි 66% කට අධික පිරිසක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇත.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසදිතයකු වාර්තා නොවේ.

වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,420 ක් සමග කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ.

ඒ අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ මිය ගිය පිරිස 68 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය හරහා මිලියන 2.2 ක rapid antigen පරීක්ෂණ කට්ටල ලබාදීමට ප්‍රාන්ත රජය සූදානම් වේ.

පාසල්, හදිසි සේවා සහ විශේෂයෙන් අවදානම් සහිත තවත් ස්ථාන වෙත කොවිඩ් ව්‍යාප්ත වීමට පෙර මෙම පියවර ගැනීමට අදහස් කරයි.

තවද ඊයේ දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තවාසීන් 90,000 ක් කොවිඩ් එන්නත ලබා තිබූ බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 594 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 10 ක්ද වාර්තා වේ.

මේ අතර COVID-19 ව්‍යාපාරික ආර්ථික සහන දීමනාවට සුදුසුකම් නොලබන මූල්‍ය දුෂ්කරතා අත්විඳින ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර ලබාදීම සලකා බැලීම සඳහා ප්‍රාන්ත රජය මගින් ස්ථාපිත කර ඇත.

2021 COVID-19 Business ප්‍රතිපාදන, Micro-business ප්‍රතිපාදන සහ JobSaver ගෙවීම් සඳහා සුදුසුකම් නොලැබූ ව්‍යාපාර එකින් එක පිළිබඳ මෙම මණ්ඩලය විසින් තක්සේරු කරනු ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත හැකි ස්ථාන සොයා ගැනීමට 

Australian Capital Territory

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 28 ක් වාර්තා වූ අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.

මේ අතර ACT හි වයස අවුරුදු 12 සහ ඊට වැඩි පිරිසගෙන් 94% ක් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් ද 65% ට වැඩි පිරිසක් මාත්‍රා දෙකම ද ලබා ඇත.

එමෙන්ම කැන්බරා නුවර Centenary Hospital for Women and Children හි විශේෂ සත්කාර ඒකකයේ එක් ළදරුවෙකු කොවිඩ් වයිරසයට ධනාත්මක බව තහවුරු වී තිබේ.

මේ වන විට ACT හි සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 395 කි.

ACT හි කොවිඩ් එන්නත ලබාගත හැකි 

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

බ්‍රිස්බේන් නුවර කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 70% මට්ටමට ළඟාවෙමින් පවතින බැවින් Ipswich, Logan, Beaudesert සහ Sunshine Coast ප්‍රදේශවල සිටින වැසියන්ටද කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ඉල්ලා සිටියි.

Share
Published 6 October 2021 6:03pm
By SBS/ALC Content
Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service