COVID 19 update 31 March: බටහිර ඔස්ට්‍රේලියාවේ කොවිඩ් නීති අද සිට තවත් ලිහිල් කෙරේ

2022 මාර්තු 31 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Coronavirus Restrictions Ease Across Western Australia

Office workers enjoy lunch in Perth's CBD (file). Source: Will Russell/Getty Images

Highlights

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබියදීත්  2 වන මට්ටමේ තිබෙන කොවිඩ් නීති 1 වන මට්ටම දක්වා අඩු කර ඇත.
  • නිවසේ හැර අනෙක් සෑම ගෘහස්ථ ස්ථානයකම වයස අවුරුදු 8 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා මුව ආවරණ පැළඳීම තවමත් අනිවාර්ය වේ. එසේම, පොදු ප්‍රවාහනයේදී, කුලී රථ තුළ, රෝහල්වල සහ residential aged care හෝ residential disability මධ්‍යස්ථානවල ද මුව ආවරණ පැළඳීම තවමත් අනිවාර්ය වේ.
  • බටහිර ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් නීති පිළිබඳ
  • දකුණු ඔස්ට්‍රේලියාව පාසල් සහ මගී ප්‍රවාහන සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්යෙන් ලබා ගැනීමේ නියෝගය ඉවත් කර ඇත. ඒ අනුව කොවිඩ් එන්නත් නොලද ගුරුවරුන්ට, පාසල් කාර්ය මණ්ඩලයට, පොදු ප්‍රවාහන සේවකයින්ට සහ කුලී රථ සහ ධාවන කොටස් රියදුරන්ට දැන් යම් සීමාවන් සමඟ නැවත සේවයට පැමිණිය හැකිය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 15 ක් වූ COVID-19 මරණ අද, බ්‍රහස්පතින්දා 17 දක්වා වැඩි වී තිබේ.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය 2022 දී ගෝලීය COVID-19 හදිසි අවස්ථාව අවසන් කිරීම සඳහා තුන්වන යාවත්කාලීන කරන ලද උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම නිකුත් කර ඇත.
  • මෙම සැලැස්ම මෙම වසරේ කොවිඩ් වසංගතය පරිණාමය විය හැකි ආකාරය සහ මූලික අවස්ථාවක්, හොඳම අවස්ථාවක් සහ නරකම අවස්ථාවක් යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය සඳහා හැකි අවස්ථා තුනක් ඉදිරිපත් කරයි.
  • මූලික අවස්ථාව: වයිරසය නොකඩවා පරිණාමය වෙමින් පවතී. නමුත් තිරසාර හා ප්‍රමාණවත් ප්‍රතිශක්තීකරණය හේතුවෙන් එහි බරපතලකම කාලයත් සමග සැලකිය යුතු ලෙස අඩු වේ.
  • හොඳම අවස්ථාව: අනාගත ප්‍රභේදයන් සැලකිය යුතු ලෙස බරපතල බැවින් අඩුව වේ. බූස්ටර් එන්නත ගැනීම කාලය සමග වැඩි කිරීම හෝ වත්මන් එන්නත් සඳහා සැලකිය යුතු වෙනස්කම් කිරීමකින් තොරව දරුණු රෝගවලින් ආරක්ෂා වීම පවත්වාගෙන යනු ලැබේ.
  • නරකම අවස්ථාව: වඩාත් දරුණු සහ ඉතා සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදයක් මතු වේ. එන්නත් අඩු ඵලදායී වේ. දරුණු රෝග සහ මරණයට එරෙහි ප්‍රතිශක්තිය ශීඝ්‍රයෙන් හීන වී යයි, විශේෂයෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඒ තත්ත්වයට මුහුණ දෙයි. වත්මන් එන්නත් සඳහා සැලකිය යුතු වෙනස්කම් අවශ්‍ය වනු ඇත.
  • වසර දෙකකට පෙර කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට තහවුරු කර ඇති COVID-19 රෝගීන් මිලියන 479 ක්  සහ කොවිඩ් මරණ මිලියන හයක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 22,107
  • කොවිඩ් මරණ - 17
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,326
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 39
වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 11,292
  • කොවිඩ් මරණ - 04
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 312
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 14
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 7,289
  • කොවිඩ් මරණ - 05
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 362
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 16
ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 2,478
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 29
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 0

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා 


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

            

           

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

            

        

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ 

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී 


Share
Published 31 March 2022 1:26pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service