COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ අන්තර්ජාල වංචා මොනවාද සහ ඒවායින් මිදෙන්නේ කෙසේද?

කොරෝනා එන්නත සඳහා තොරතුරු රැස් කරගන්නා බවට අඟවමින් ඔබගේ පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු ලබාගැනීමට සයිබර් වංචාකරුවන් බහුලව ක්‍රියාත්මක වෙමින් සිටී.

Cryptocurrency internet scams

Source: Getty Images

ලොව පුරා COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන් මේ වන විට බොහෝ රටවල ආරම්භ වී තිබේ.

ඔස්ට්‍රේලියාවේද COVID-19 එන්නත් කිරීමේ ක්‍රියාවලිය එළඹෙන පෙබරවාරි 22 වන දින සිට ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු යොදා ඇත.

මේ අතර COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන් හා COVID-19 සම්බන්ධව මේ වන විට අන්තර්ජාලය ඔස්සේ විවිධ scam වර්ග හෙවත් වංචා ක්‍රියාත්මක වේ.

එම අන්තර්ජාල වංචා හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් තොරතුරු ගෙන එනු ලැබේ.


Highlights

  • කොරෝනා ආපදා දීමනා ලබාදෙන බවට වූ වංචනික දැන්වීම් බොහෝ විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබ වෙත ලැබිය හැකිය.
  • කොරෝනා එන්නත සඳහා තොරතුරු රැස් කරගන්නා බවට අඟවමින් ඔබගේ පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු ලබාගැනීමට සයිබර් වංචාකරුවන් ක්‍රියාත්මක වෙමින් සිටී.
  • ඔබ නොදන්නා හෝ ඔබට විශවාස කළ නොහැකි email හෝ attachment විවෘත නොකිරීම මෙම වංචා වලින් මිදීමට ඇති ප්‍රධානතම ක්‍රමයකි.

COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන් හා COVID-19 සම්බන්ධ අන්තර්ජාල වංචා

සයිබර් වංචාකරුවන් පළමුවෙන්ම ඔබේ Personal Identifiable Information (PII) හෙවත් පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු ග්‍රහණය කරගැනීමට උනන්දු වෙයි.

එම තොරතුරු ආශ්‍රයෙන් සයිබර් වංචා කිරීම ඉතා පහසුය.

ඒ තුළින් ඔබේ අන්තර්ජාල බැංකු ගිණුම් වලට ක්‍රෙඩිට් කාඩ් ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට ඉතා පහසුවෙන් හැකියාව ලැබෙන බව සෝෆෝස් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සමාගමේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කලාපීය ප්‍රධානී, සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

කොරෝනා ණය සහන සහ ආපදා දීමනා වංචා

කොරෝනා වසංගතය නිසා බොහෝ දෙනා ආර්ථික පීඩාවට පත්ව තිබේ.

මෙය මූලික කොටගෙන කොරෝනා ණය සහන ලබාදෙන බව පවසමින් පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු ලබාගැනීමට සයිබර් වංචාකරුවන් මේ දිනවල දැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා පැවසීය.

එම ණය සහන රජයෙන් ලබාදෙන එකක් බවට විශ්වාස කළ හැකි පරිදි අදාළ වංචාකරුවන් එම වංචා මෙහෙයවන අතර බොහෝ පිරිස් විශේෂයෙන් වියපත් පුද්ගලයින් ඒ සඳහා රැවටෙන බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා ආපදා දීමනා ලබාදෙන බවට වූ වංචනික දැන්වීම් බොහෝ විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබ වෙත ලැබෙන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

COVID-19 එන්නත සඳහා තොරතුරු රැස් කිරීමේ වංචා

මේ දිනවල COVID-19 එන්නත් කිරීමේ වැඩකටයුතු ලොව බොහෝ රටවල ආරම්භ වී තිබේ.

එනිසා කොරෝනා එන්නත සඳහා තොරතුරු රැස් කරගන්නා බවට අඟවමින් ඔබගේ පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු ලබාගැනීමට සයිබර් වංචාකරුවන් බහුලව ක්‍රියාත්මක වෙමින් සිටී.

එම තොරතුරු රැස් කිරීම රජය විසින් හෝ කලාපීය සෞඛ්‍ය දෙපාර්තමේන්තු විසින් සිදුකරන කටයුත්තක් බවට අදාළ වංචාකරුවන් ජනතාවට ඇඟවීමට උත්සාහ දරයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

වංචනික COVID-19 වෙබ් අඩවි

ලොව පුරා බොහෝ රටවල COVID-19 වසංගතය සම්බන්ධව නොයෙකුත් ආයතන වලට සම්බන්ධ වෙබ් නිල වෙබ් අඩවි අලුතෙන් ලියා පදිංචි කර ඇති බවත් බොහෝ වංචාකරුවන් එම නිල වෙබ් අඩවි වල වෙබ් ලිපිනයන්ට බොහෝ දුරට සමාන වෙබ් අඩවි නිර්මාණය කර ඇති බවත් සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

බොහෝ විට ජනතාව නිල වෙබ් අඩවිය යයි සිතා පෙර කියූ වංචනික වෙබ් අඩවි වලට පිවිස තම තොරතුරු ලබාදෙන බවක් බහුලව පෙනී යන බවද ඔහු පැවසීය.

එම වංචනික වෙබ් අඩවි වංචනික වෙබ් අඩවියක් දැයි හඳුනාගැනීම බොහෝ විට අපහසු බවත් ඒ සඳහා දැඩි විමසිල්ලෙන් බැලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වංචනික links

COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන් හා COVID-19 සම්බන්ධ විවිධ වංචනික links සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවත් ඒවා click නොකිරීමට හෝ නැවත share නොකිරීමට හෝ වගබලාගත යුතු බවත් සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා පැවසීය.

එම links වල ransomware හෝ malware ගණනාවක් අඩංගු කර ඇති නිසා ඒවා click කිරීමෙන් තම ජංගම දුරකතනයට හෝ පරිගණකයට ඒවා install වී වංචාකරුවන්ට වංචා කිරීමට පහසුකම් සලසා දෙයි.


SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


එම සයිබර් වංචා වලින් මිදෙන්නේ කෙසේද?

ඉහත සයිබර් වංචා වලින් මිදීම සඳහා පහත පියවර අනුගමනය කිරීම ඉතා වැදගත් බව සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

  • නිවසේ ඇති අන්තර්ජාල සම්බන්ධතාවය සුරක්ෂිත කරගැනීම.
  • තමන්ගේ passwords සුරක්ෂිතව තබා ගැනීම සහ strong passwords යෙදීම.
  • තමන්ගේ අන්තර්ජාල ගිණුම් වෙත log වීමට two factor authentication එකක් භාවිත කිරීම.
  • ඔබේ මෘදුකාංග සියල්ල update කර තබා ගැනීම.
  • තමන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් වල Privacy and Security settings නිසි පරිදි ආරක්ෂාකාරී ලෙස හසුරුවා ගැනීම.
  • ඔබ නොදන්නා හෝ ඔබට විශවාස කළ නොහැකි email හෝ attachment විවෘත නොකිරීම.
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 17 February 2021 1:48pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service