ඉහළ යන බලශක්ති බිල්පත් සහ පොලී අනුපාතික හේතුවෙන් ඔස්ට්‍රේලියානු නිවැසියන්ගේ ආතතිය ඉහළ යන බව නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව දැනට පවතින 1.5% ක පොලී අනුපාතිකය තවත් 1% කින් ඉහළ දමනු ඇති බවට ඔස්ට්‍රේලියානු නිවැසියන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් බියෙන් සිටින බවද මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇත.

Australian households are increasingly stressed by high energy prices and interest rates.

Source: AAP

ඉහළ යන බලශක්ති බිල්පත් සහ පොලී අනුපාතික හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිවැසියන්ගේ ආතතිය ඉහළ යමින් පවතින බව ME බැංකුව සිදු කළ නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත.

මෙම සමීක්ෂණය සඳහා පුද්ගලයින් 1500 දෙනෙකු යොදා ගෙන ඇති බව සඳහන්.
එහිදී ඉන්ධන, සිල්ලර භාණ්ඩ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම හා අඩු ආදායම හේතුවෙන් ධනවත් - දිළිඳු පරතරය වැඩිවී ඇති බව අනාවරණය විය.
මෙම සමීක්ෂණයේ දත්ත වලින් අඩු ආදායම් ලාභී ඔස්ට්‍රේලියානුවන් තම ආදායම සහ වියදම් සමතුලිත කරගනීමට අපමණ වෙහෙසක් දරන බව මානව පැහැදිලිවන බව ME බැංකුවේ ආර්ථික උපදේශක Jeff Oughton පවසයි.

“ඔස්ට්‍රේලියාවේ නිවැසියන් ආර්ථික ආතතියකින් පෙළෙනවා. ඔවුන් සැම විටම සිතන්නේ වැඩි වන බිල් ගැන. තමන්ගේ අඩු ආදායම ගැන. ඉහළ යන පොළී අනුපාතික ගැන. තමන්ගේ නිවාස ණය ගැන. කුලිය ගැන.” යනුවෙන් Jeff Oughton පැවසීය.

මීට අමතරව ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් හරි අඩකටම සතිය අවසානය වන විට අමතර මුදලක් අතෙහි ඉතිරි නොවන බවත් ඔවුන්ගේ බැංකු වල ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක ඉතිරි කිරීමක් බවත් Jeff Oughton පෙන්වා දෙයි.

කෙසේවෙතත්, මීට මාස 6 කට පෙර පැවති ආර්ථික අපහසුතාවට වඩා මේ වන විට ඔස්ට්‍රේලියානුවන් බහුතරයකට කුඩා ප්‍රමාණයේ සහනයක් දැනෙන බවද ඉහත සමීක්ෂණය පෙන්වා දී තිබේ.

අනාගතයේදී පොලී අනුපාතික තවත් වැඩි වෙතැයි නිවැසියන් බියව සිටීම.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව දැනට පවතින 1.5% ක පොලී අනුපාතිකය තවත් 1% කින් ඉහළ දමනු ඇති බවට ඔස්ට්‍රේලියානු නිවැසියන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් බියෙන් සිටින බවද මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇත.

විශේෂයෙන් අඩු ආදායම් ලබන ඉහළ මට්ටමේ ණයගැති නිවැසියන් මෙම අර්බුදයට වඩාත් නිරාවරණය වන බව ME බැංකුවේ ආර්ථික උපදේශක Jeff Oughton පවසයි.
වැඩිවන පොලී අනුපතික තරුණ යුවල්, දරුවන්, තනිව වසන දෙමාපියන්, සහ අනාගත පරපුර ට මහත් බලපෑමක් ඇති කරන බවද ඔහු පෙන්වා දෙයි.
මේ අතර පොලී අනුපාතික පිළිබඳ සකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව හෙට (01/08) දිනයේදී හමුවන බවද වාර්තා වේ.

සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 27% ක් පසුගිය වසර තුළ ආදායම් කප්පාදුව නිසා පීඩා විඳින බව ද අනාවරණය විය.

ඊට අමතරව ඔවුන්ගෙන් 40% ක ප්‍රතිශතයක් තම පූර්ව බදු ආදායමෙන් අවම වශයෙන් 30% ක් හෝ උපයෝගී කරගනිමින් තම නිවාස ණය හෝ කුලිය ගෙවා දමන බවද හෙළිවී තිබේ.

තමන්ගේ නිවාස ණය වාරිකය ගෙවා දමීමමට නොහැකිවනු ඇතැයි 40% ක ණය බරින් මිරිකී සිටින නිවැසියන් වද වන බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ආර්ථික විෂමතාව සහ අසමතුලිතතාව වේගයෙන් පුළුල් වන බව මෙම සමීක්ෂණය හරහා පෙනී යන බවද ME බැංකුවේ ආර්ථික උපදේශක Jeff Oughton පවසයි.

Share
Published 31 July 2017 9:28pm
By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service