ආරක්ෂක ලේකම් ට සහ පොලිස්පති ට ජනපති අස් වෙන්න කියයි.

Sri Lanka attacks

Source: Daily News

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර යන දෙපලට ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.

ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාට අද (24/04) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බව සඳහන්.

මේ අතර හිටපු හමුදාපති දයා රත්නායක මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර යන දෙපල වහාම අත්අඩංගුවට ගෙන නිතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාර දී තිබේ.

පසුගිය ඉරිදා දින දිවයින පුරා සිදුවු ප්‍රහාර පිළබඳව 2019.04.04 වන දිනසිය බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී සිටියදී එම තොරතුරු වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දන්ඩ නීති සංග්‍රහයේ 296 හා 297 වගන්ති සමඟ කියවිය යතු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 21 වන වගන්තිය යටතේ සාපරාධි අපරාධයක් සිදු කර ඇති බව මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහතින් දැක්වෙයි.
Sri Lanka attacks
Source: Facebook

Share
Published 24 April 2019 11:38pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service