කොරෝනා නිසා වසා දැමුණු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ pubs සහ සහ සමාජ ශාලා හෙට යළි විවෘත කෙරේ

Pubs and clubs in NSW will be allowed to open their restaurants from Friday

Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා තත්වය හේතුවෙන් වසා දමා ඇති pubs සහ සහ සමාජ ශාලා හෙට (15/05) සිට නැවත විවෘත කෙරේ.

කෙසේ වෙතත් සුදූ ක්‍රීඩා ආයතන සහ සුරා සැල් තවදුරටත් වසා තැබේ.

සමාජ දුරස්ථභාවය සහ ගනුදෙනුකරුවන් 10 දෙනෙකුගේ ආසන සීමාව අනුව යමින් කැෆේ හා අවන්හල් ද ඒ සමඟ එක්වීමට නියමිත බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet තහවුරු කොට සිටී .එසේම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආහාර සමඟ මත්පැන් ඇණවුම් කිරීමට අවසර දෙනු ලැබේ.

මේ වන විට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් නව COVID 19 රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර සමස්ත අසාදිත සංඛ්‍යාව 3059 කි. සෑම විටම රෝගය සම්බන්ද වන පුර්ව ආරක්ෂණ කටයුතු අනුගමනය කරන ලෙසට ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අවධාරණය කොට සිටී.

මේ අතර තස්මේනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල වලට කොරෝනා වැලදීම හේතුවෙන් වසා දමා තිබු සියළුම රෝහල් අද සම්පූර්ණයෙන්ම විවෘත වීමට නියමිතයි.


Share
Published 14 May 2020 11:52am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service