ගුවන් තොටුපොළ වල ස්වයංක්‍රීය ආගමන පද්ධතියක් තිබීම ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට තර්ජනයක්ද? (SBS සිංහල/වාර්තා)

SmartGate

Source: AAP

පසුගිය අප්‍රේල් මාසයේ අගදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ වල ක්‍රියාත්මක ආගමන අංශයේ SmartGate පරිගණක පද්ධතිය අක්‍රීය වීමෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් වල යෙදීමට සිටි දහස් ගණනක් ගුවන් මගීන් ට දැඩි ප්‍රමදයන්ට මුහුණ දීමට සිදුවිය.

හිටි අඩියේම මෙම SmartGate පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය අක්‍රියවී ඇති අතර මෙනිසාම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් මගීන්ගෙන් ආගමන කටයුතු අංශ පිරී ඉතිරී ගොස් තිබුණි.
SmartGate
Source: Twitter

SmartGate දෝෂය

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ වල පිහිටි මෙම SmartGate පරිගණක පද්ධතිය අක්‍රීය වීමට මූලිකම හේතුව තොරතුරු තාක්ෂණික පද්ධතියේ ඇතිවූ අකර්මන්‍යතාවක් බව ඊට පසුව ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශය පැවසීය.

මෙම SmartGate ක්‍රමය real-time පද්ධතියක් බැවින් සෑම විටම එය මිනිත්තුවෙන් මිනිත්තුවට ක්‍රියා කළ යුතුය. එනිසාම මේ පද්ධතියේ ඇතිවන ඕනෑම දෝෂයක් ඉතා විශාල ගැටළුවක් වන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබද විශේෂඥ Tom Worthington පැවසීය.

එමෙන්ම මෙය රටේ ආරක්ෂාව සම්බන්ධ පද්ධතියක් බැවින් එය තවත් සංකීර්ණ වන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි අක්‍රිය වීමක් සිදුවූ විට ත්‍රස්තවාදීන් වැනි රටට ඇතුළු නොවිය යුතු පුදගලයින්ට පවා රටට ඇතුල් වීමේ හැකියාවක් ඇති බවත් එය අවදානම් සහිත තත්ත්වයක් බවත් Tom Worthington පැවසීය.

එනිසාම මෙවැනි පද්ධති පැය 24 පුරාම දෝෂ රහිතව ක්‍රියාත්මක විය යුතු බවද ඔහු සඳහන් කළේය.
SmartGate
SmartGate passport detection technology at Sydney International Airport. Source: AAP

SmartGate පද්ධතිය

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට හා ඇතැම් රටවල e passport හිමියන්ට ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වල ආගමන කටයුතු අංශ වලදී ඉතා ඉක්මනින් සහ පහසුවෙන් තම අනන්‍යතාව ඔප්පු කරමින් පිටව යාහැකි පද්ධතියක් ලෙස SmartGate පද්ධතිය හැඳින්වේ.

මෙය දැනට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශය විසින් ක්‍රියාත්මක කරන අතර එය ඔස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අයත් වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළ ලෙස හැඳින්වෙන  සිඩ්නි,මෙල්බර්න්, ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, පර්ත් මෙන්ම ගෝල්ඩ් කෝස්ට් සහ කෙයාර්න්ස් සහ ඩාවින් ගුවන් තොටුපොළ වලද මෙම SmartGate පද්ධතිය ස්ථාපනය කර තිබේ.

2007 වසරේදී හඳුන්වා දුන් මෙම SmartGate පද්ධතිය හරහා ඔබේ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහ ඔබේ මුහුණ සංසන්දනය කිරීමෙන් ඔබේ අනන්‍යතාව ස්වයංක්‍රීයව තීරණය කෙරෙන අතර ඉන් අනතුරුව ඔබට ඔස්ට්‍රේලියානු දේශ සීමාවට ඇතුළු විය හැකිවේ.

මේ හරහා බොහෝ විට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර හඳුනා ගැනීමට වඩා පහසු බවද වාර්තා වේ.

2010 දී මෙම SmartGate පද්ධතිය ගුවන් මගීන් මිලියනයකගේ විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීම පසු කළ බවද සඳහන්.

නමුත් එවකට සිටි ආගමන කටයුතු අමාත්‍ය Brendan O'Connor පැවසුවේ SmartGate පද්ධතිය තිබුණද ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශයේ නිලධාරීන් ද සිටිය යුතු බවය.

තාක්ෂණය කෙතරම් මිනිසාට ඉදරියෙන් සිටින නමුත් මෙවැනි දෝෂ සහගත අවස්ථා වලදී එම පද්ධති නැවත මනුෂ්‍ය පාලනය යටතට පත් කළ යුතු වීම පොදු දෙයකි.
SmartGate
Source: SBS Sinhala

Share
Published 15 May 2019 12:07am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service