වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන තදබදය අවම කිරීම ප්‍රාන්ත රජයේ අලුත්ම විසඳුම මෙන්න. (SBS සිංහල/වාර්තා)

Public Transport Victoria

Source: AAP

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා සපයන ආයතනය වන Public Transport Victoria සහ මහා මාර්ග සහ රථ වාහන සම්බන්ධ ප්‍රධානතම ආයතනය වන VicRoads ඒකාබද්ධ කිරීමට වික්ටෝරියානු ප්‍රාන්තය රජය සූදානම් වේ.

ඒ අනුව එම ආයතන ද්විත්වය ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ඒවා ක්‍රියාත්මක වීම සිදුවනු ඇත.
Public Transport Victoria
Source: Flickr

අරමුණු සහ අපේක්ෂාවන්

වික්ටෝරියානු ප්‍රාන්තයේ දිනෙන් දිනෙන් ඉහළ යන රථ වාහන තදබදයට විසඳුම් සෙවීමට පසුගිය සමයේ පටන් වික්ටෝරියානු ප්‍රාන්ත රජය කටයුතු කරමින් සිටියි.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන myki  කාඩ්පත් හරහා සහ myki ගිණුම් හරහා වාහන තදබදය සඳහා විසඳුම් සෙවීමට ප්‍රවාහන දෙපාර්තමේන්තුව අදහස් කරයි.

මෙම ක්‍රියාන්විතය යටතේ දුම්රිය සහ ට්‍රෑම් අධිකාරි ගිවිසුම් කළමණාකරනය, ව්‍යාපෘති සැලසුම් කිරීම, වේග සීමාවන් පාලනය කිරීම සහ clearway බලාත්මක කිරීම් මෙම නව ආයතනය මගින් සිදුකරනු ඇත.

මේ කටයතු එළඹෙන ජූලි 01 වන දින සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව The Age පුවත් පත වාර්තා කරයි.
Public Transport Victoria
Source: Flickr

ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ අදහස්

මෙලෙස Public Transport Victoria සහ VicRoads ආයතන ඒකාබද්ධ කරමින් ප්‍රවාහන අධිකාරියක් බිහි කිරීම සම්බන්ධ Australian Services Union වෘත්තීය සමිතිය සිය අකමැත්ත පල කර තිබේ.

මේ සඳහා පාරිභෝගික ජනතාවගේ උනන්දුවක් නැති බවත් මේ හරහා සේවකයින්ගේ රැකියා වලට අවදානමක් එක්වන බවත් ඔවුන් පවසයි.

නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රවාහන කටයුතු වෙනස් වන අයුරින් ප්‍රාන්තයේ ප්‍රවහාන පද්ධතිය වෙනස් විය යුතු බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

Public Transport Victoria හරහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම මිස මාර්ග පාලනය නොකළ බවත් මේ නව වැඩපිළිවෙල හරහා ඒ පිළිබඳවද අවධානය යොමු කරමින් තදබදය අවම කරමින් වඩා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ප්‍රාන්ත වැසියන්ට ලබාදිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධව නියැලෙන සේවකයින් වෙනත් ස්ථාන වලට මාරු කර යැවීම් සම්බන්ධව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews  අදහස් දක්වා නොසිටි නමුත් කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි නොවන බව ඔහු පැවසුවේය.

මේ අතර මෙම පියවර ඉතා යෝග්‍ය පියවරක් බව දුම්රිය, ට්‍රෑම් සහ බස් සම්බන්ධ වෘත්තීය සමිතියේ වික්ටෝරියා ප්‍රාන්තයේ ශාඛාවේ ලේකම් Luba Grigorovitchපැවසුවාය.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share
Published 17 April 2019 6:51pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service