චීන බිලියනපතියෙකුට පුරවැසිභාවය ලබාදීමට අල්ලස් ගත්තා යැයි ඔස්ට්‍රේලියානු රජයට හා විපක්ෂයට චෝදනා

Mr Xiangmo Huang

Xiangmo Huang Source: by Mr Xiangmo Huang

ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ශවලට ඩොලර් මිලියනගනන් පරිත්‍යාග කලා යැයි පැවෙසෙන චීන බිලියනපතියෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර තිබේ.

මීට පෙර මෙම පුද්ගලයා චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් කටයුතු කල අයෙකු වන අතර මීට පෙර මොහු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා සිටි අයෙකි. ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ඔහුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීම නුසුදුසු යැයි තීරණය කිරීම නිසා වර්තමානයේ දී ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව චීනයේ රැදී සිටියි.

චීන බිලියනපතියෙකුවන Huang Xiangmo විසින් ඔස්ට්‍රේලියාවේ සන්ධාන රජයට හා කම්කරු පක්ෂයට මීට පෙර ඩොලර් මිලියනගනන් පරිත්‍යාග කර තිබේ යැයි වර්තා වේ.

මීට පෙර චීන රජය වෙනුවෙන් කටයුතු කල මොහුගේ ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචි භාවය අවලංගු කර ඔහුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වූ අයැදුම ද ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 

මේ වන විට Huang විසින් තමන්ගේ සිඩ්නි නුවර පිහිටි ඩොලර් මිලියන 13ක් වටිනා අධි සුඛෝපබෝගි නිවස වෙත නැවත පැමිණීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් සමග අරගලයක යෙදී සිටියි. ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසනුයේ ඔහු නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඇති ඉඩ කඩ ඉතා අඩු බවයි. 

රජයේ ආරංචි මාර්ග පවසනුයේ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු (Home Affairs) දෙපාර්තුමේන්තුව විසින් Huang ගේ පුරවැසිභාවය සඳහා වූ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇත්තේ හේතු මාලාවක් මත වන අතර ඉන් එකක් වනුයේ ඔහුගේ චරිත පදනමයි.

ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ අතර Huang ප්‍රසිද්ධ චරිතයකි.

බලධාරීන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ Huang ව චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෙකු ලෙස සැක කිරීම නිසායි. මේ සඳහා ඔස්ට්‍රේලියානු බලධාරීන් පාදක කර ගෙන ඇත්තේ Huang විසින් අතීතයේ දී ඔස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන්ට සම්මුඛ සාකච්ඡාවල දී ලබා දුන් පිළිතුරු හා වසර දෙකකටත් අධික කාලයක් මුළුල්ලේ බලධාරීන් විසින් ඔහුගේ පසුබිම විශ්ලේෂණය කිරීමෙන් ලැබුණු තොරතුරු මතය.
Huang ගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප වීම නිසා සන්ධාන රජය හා කම්කරු පක්ෂය වසර 5 ක් තුල ලබාගත් මිලියන 2.7 ක දේශපාලන පරිත්‍යාග මුදල් නැවත ඔහුට ලබාදිය යුතු දැයි යන ප්‍රශ්නය මේ වන විට උද්ගත්ව තිබේ .

මෙම ආන්දෝලනයට ප්‍රතිචාර දක්වමින් අගමැති Scott Morrison පවසා සිටියේ විදේශීය පරිත්‍යාග ලබාගැනීම තහනම් කරනා නව නීති ප්‍රතිපාදන හදුන්වා  දී ඇති බවයි.

කම්කරු පක්ෂයේ නායක, Bill Shorten පවසා සිටියේ Huang හා කම්කරු පක්ෂය අතර වර්තමානයේ දී කිසිදු සම්බන්ධතාවක් නැති බවයි. එසේම විදේශීය පරිත්‍යාග ලබාගැනීම තහනම් කරනා නීති පැමිණීමට පෙර තම පක්ෂය එවැනි පරිත්‍යාග ලබාගැනීම නැවැත්වූ  බව ද ඔහු අවධාරණය කළේ ය.


Share
Published 7 February 2019 4:20pm
Updated 7 February 2019 5:22pm
By Gamidu Agampodi

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service