ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ඔබව Audit කිරීමකට ලක්වූ විට කළ යුත්තේ කුමක්ද?

AAP

Source: AAP

ඔස්ට්‍රේලියාවේ තමන් විසින්ම තම Annual tax return හෙවත් වාර්ෂික බදු සැකැස්ම ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත යොමු කරන දිනය පසුගිය ඔක්තෝබර් 31 වන දිනෙන් අවසන් විය.

පසුගිය වසර වලට වඩා මෙවර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ඔවුන් වෙත යොමු කෙරෙන වාර්ෂික බදු සැකැස්මවල් අහඹු ලෙස විගණනය කිරීමකට ලක් කරන බවට මීට පෙර සිටම වාර්තා විය.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

බොහෝ විට සෑම වාර්ෂික බදු සැකැස්මවල් 10 කින් එකක්ම මෙසේ විගණනයට ලක්වනු ඇතැයි විශ්වාස කෙරේ.

එහිදී ඔබ විසින් පෙන්වා ඇති රැකියාවට අදාළ වියදම් සනාථ කිරීමට ඔබට සිදුවනු ඇත.

එමෙන්ම ඔබේ වාර්ෂික බදු සැකැස්මේ යම් අඩුපාඩු හෝ වැරදි ඇතිනම් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් එම විගණනදේ ඔබට ඒවා පෙන්වා දෙනු ඇත.
What to do if you get audited by the ATO
Source: Getty Images

බදු විගණනයක් සිදු වන්නේ කෙසේද?

ඔබේ වාර්ෂික බදු සැකැස්ම සම්බන්ධව බදු විගණනයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තීරණය කර ඇත්නම් ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට ඔබට දුරකතන ඇමතුමක් ලබා දී ඔවුන්ව හමුවීමට ඔබට වේලාවක් ලබා දෙනු ඇත.

එමෙන්ම ඔබත් සමග ඔවුන් සාකච්ඡා කරන්නේ කුමන කරුණුද සහ ඔබෙන් ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමන දේවල්ද යන්න පිළිබඳවද එම දුරකතන ඇමතුමේදී ඔබව දැනුවත් කෙරේ.
නමුත් පසුගිය සමයේදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ලබා දෙන දුරකතන ඇමතුම් ලෙස Scam ඇමතුම් විශාල සංඛ්‍යාවක් යම් යම් පුද්ගලයින්ට ලබා දී ඔවුන්ගේ රහස්‍ය ආර්ථික තොරතුරු ලබා ගැනීමේ සිද්ධි ගණනාවක් විශාල වශයෙන් ඔස්ට්‍රේලියාව පුරාම වාර්තා විය.

ඒ අනුව මෙහිදී ඔබ වඩාත් සුපරීක්ෂාකාරී විය යුතුය.
 ATO
Source: Getty Images
ඔබට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් බවට එන ඇමතුම සනාථ කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ අදාළ නිලධාරියාට නොහැකි නම් ඔබේ කිසිදු පුද්ගලික තොරතුරක් ලබා නොදෙන්න.

විගණනයට ඇමතුමක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ලබා දෙයි නම් ඔවුන් අනිවාර්යෙන් ඔබට හමුවීමට වෙලාවක් ලබා දෙන අතර ඔබගේ තොරතුරු සවිස්තරාත්මකව දුරකතනය ඔස්සේ සාකච්ඡා නොකරනු ඇත.

කෙසේවෙතත් ඔබට ලැබෙන ඇමතුම ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ අමතුමක්ද යන්න පරීක්ෂා කරගැනීමට 1800 008 540 දුරකතන අංකය ඇමතීමෙන් හැකියාව පවතී.
එමෙන්ම විගණනය සම්බන්ධ සියලු පියවරයන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ලේඛන ගත කරයි.

මේ අතර e-Audit හෙවත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් විගණනය කිරීමටද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට හැකියාව පවතී.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ඔබව Audit කිරීමකට ලක්වූ විට හැකි උපරිමයෙන් නිවැරදි හා සත්‍ය තොරතුරු ලබා දීමට වගබලාගත යුතුය.
What to do if you get audited by the ATO
Source: Getty Images

වාර්ෂික බදු සැකැස්මේදී දැක්විය හැකි වියදම්

නිල ඇඳුම්, රැකියාව සම්බන්ධ උපකරණ මෙන්ම රැකියාව සම්බන්ධ පාඨ මාලා ගාස්තු වැනි දේවල් ඇතුළත්ව රැකියාව සම්බන්ධ ඇතැම් වියදම් ඔබට ඔබේ වාර්ෂික බදු සැකසීමේදී දැක්විය හැකිය.

ඔබට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ www.ato.gov.au නිල වෙබ් අඩවිය හරහා මෙම වියදම් මොනවාදැයි නිශ්චිතවම දැනගත හැකිවෙයි.

ඔබේ වාර්තා සහ රිසිට් පත් අවම වශයෙන් සිව් වසරක් හෝ තමන් සතුව තබා ගත යුතුව ඇති අතර යම් හෙයකින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඒවා පිළිබඳ විමසුවහොත් ඔබ ඒවා ඔවුන්ට ඉදිරිපත් කළ යුතු වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 13 November 2018 10:21am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service