ICC ය ශමින්ද එරංග ව නිදහස් කරයි.

Eranga cleared to bowl by ICC.

Source: Getty Images

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීම නීත්‍යානුකූල බව  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (18/07) නිවේදනය කළේය.

ඒ අනුව ඔහුට ඉදිරියේදී ශ්‍රී ලංකාව සහභාගී වන ජාත්‍යන්තර තරග වලට සහභාගි වීමට හැකියාව ලැබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ බලය ලත් චෙන්නායි නුවර පර්යේෂණායතනයේදී පරීක්‍ෂණ වලට මුහුණ දුන් එරංග පන්දු යැවීමේදී අත නවනු ලබන ප්‍රමාණය අංශක 15 ඇතුළත පවතින බවට නිගමනය වී තිබේ.

එම පරීක්‍ෂණය කර ඇත්තේ එරංග සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමෙන් පසුවය.

කෙසේ වෙතත් එරංග පන්දු යැවීමේදී කිසියම් සැකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අවස්ථාව විනිසුරුවරුන්ට තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පසුගිය වසරේදී chester le street පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව එරංගගේ පන්දු යැවීම නීති විරෝධී බව පැමිණිලි කෙරුණ හෙයින් ඔහුගේ පන්දු යැවීම තහනම් කරන ලදි.


Share
Published 19 July 2017 9:00am
By Madhura Seneviratne
Source: espncricinfo


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service