ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබා ගන්නා සෑම අයෙකුගෙන්ම උපන් රට සහ මව් භාෂාව පිළිබඳ දත්ත ලබාගැනීමට යයි (SBS සිංහල/ වාර්තා)

සුදුසු හා සංවේදී ආකාරයකින් පුද්ගලයින්ගෙන් ලබාගත් දත්ත ප්‍රසිද්ධ කර මහජනයාට ලබාගත හැකි අයුරින් පත් කළ යුතුද නැතිද යන්න පිළිබඳව සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් ගෙන් සැදුම්ලත් COVID-19 සෞඛ්‍ය උපදේශක කණ්ඩායමේ උපදෙස් මත තීරණය කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

The federal government says country of birth and language data will soon be collected from all people presenting for a coronavirus vaccine.

The federal government says country of birth and language data will soon be collected from all people presenting for a coronavirus vaccine. Source: Herald Sun POOL

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාගන්නා සියලුම පුද්ගලයින්ගෙන් ඔවුන් උපන් රට සහ ඔවුන්ගේ මව් භාෂාව පිළිබඳ තොරතුරු ලබාගෙන ඒවා ගබඩා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

2020 අග භාගයේ සිට සමස්ත ඔස්ට්‍රේලියාවේම COVID-19 වයිරසයට ධනාත්මක වුවන්ගේ ද එම තොරතුරු ලබාගැනීමට පියවර ගෙන තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාගන්නා සියලුම පුද්ගලයින්ගෙන් ඔවුන් උපන් රට සහ ඔවුන්ගේ මව් භාෂාව පිළිබඳ තොරතුරු ලබාගැනේ.
  • කොරෝනා එන්නත පිළිබඳ භාෂාමය හා සංස්කෘතිකමය වශයෙන් සුදුසු තොරතුරු ලබා දිය යුතු ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා මෙම දත්ත උපකාරී වනු ඇත.
  • විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර කොරෝනා එන්නත් ලබා ගැනීමේ විෂමතාවක් පෙන්නුම් කර ඇති බව මීට පෙර සිදුකළ විදේශීය අධ්‍යයනයන් මගින් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක විවිධ ප්‍රජා කණ්ඩායම් සහ සෞඛ්‍ය විශේෂඥයින්ගේ ඉල්ලීම් මත මෙලෙස දත්ත රැස් කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු SBS පුවත් සේවයට පැවසීය.

කොරෝනා එන්නත පිළිබඳ භාෂාමය හා සංස්කෘතිකමය වශයෙන් සුදුසු තොරතුරු ලබා දිය යුතු ප්‍රදේශ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හඳුනා ගැනීම සඳහා මෙම දත්ත උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරයි.
"වසර 2020 දී ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් ගෙන් සැදුම්ලත් COVID-19 සෞඛ්‍ය උපදේශක කණ්ඩායම (Culturally and Linguistically Diverse Communities COVID-19 Health Advisory Group) ස්ථාපිත කරන ලදී. එයට සංස්කෘතිකමය, ජනවාර්ගික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්හි නායකයින් සහ ඔවුන්ගේ නියෝජිත සංවිධාන, සෞඛ්‍ය විශේෂඥයින්, වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය වෘත්තිකයින් ඇතුළත් වේ." යනුවෙන් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයා පැවසීය.

කොරෝනා වසංගතයට අදාළව සංස්කෘතික, ජනවාර්ගික හා භාෂාමය වශයෙන් විවිධ පුද්ගලයින්ගේ සහ ප්‍රජාවන්ගේ අත්දැකීම් පිළිබඳ උපදෙස් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීම එම කණ්ඩායමේ අරමුණ වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ලබාගත් දත්ත ප්‍රසිද්ධ කිරීම

සුදුසු හා සංවේදී ආකාරයකින් පුද්ගලයින්ගෙන් ලබාගත් දත්ත ප්‍රසිද්ධ කර මහජනයාට ලබාගත හැකි අයුරින් පත් කළ යුතුද නැතිද යන්න පිළිබඳව සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් ගෙන් සැදුම්ලත් COVID-19 සෞඛ්‍ය උපදේශක කණ්ඩායමේ උපදෙස් මත තීරණය කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර එන්නත් ලබා ගැනීමේ විෂමතාවක් පෙන්නුම් කර ඇති බව මීට පෙර සිදුකළ විදේශීය අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේ එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය සඳහා වූ රාජකීය සංගමය විසින් කරන ලද මත විමසුමකට අනුව 76% ක් දෙනා COVID-19 එන්නත ලබා ගන්නා බවට දැක්වුණි.

නමුත් සුදු ජාතික නොවන පුද්ගලයින්ගේ 57% ක් පමණක් තමන් ද එසේ කරන බව ප්‍රකාශ කළ බව එම මත විමසුමේ දත්ත පෙන්වයි.

කෙසේ වෙතත්,  තම වෛද්‍යවරයා තමන්ව දිරිමත් කළහොත් තමන්ගේ මනස වෙනස් කර එන්නත ලබා ගැනීමට ඉඩ ඇති බව තවත් 35% ක් කියා සිටි බව සඳහන්.
NSW Health worker Andrew Santoso receives his COVID-19 vaccination at the Westmead Hospital Vaccination Hub.
NSW Health worker Andrew Santoso receives his COVID-19 vaccination at the Westmead Hospital Vaccination Hub. Source: AAP

FECCA සංවිධානයේ ප්‍රසාදය

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත් මෙම තීරණය විශිෂ්ට තීරණයක් බව The Federation of Ethnic Communities Councils of Australia හෙවත් FECCA සංවිධානය ප්‍රකාශ කර තිබේ.

විවිධ ප්‍රජාවන් කොරෝනා එන්නත ලබාගැනීමේ ප්‍රවණතාවන් පිළිබඳ තම සංවිධානය උනන්දු බව FECCA සංවිධානයේ සභාපතිනී Mary Patetsos පැවසුවාය.

එබැවින් නිශ්චිත සංස්කෘතික, භාෂා සහ ආගමික පසුබිම්වල සිටින ප්‍රජාවන් නිශ්චිත අනුපාතයකින් කොරෝනා එන්නත් ලබා ගන්නේද යන්න පිළිබඳ තම සංවිධානයට සොයාගැනීමට අවශ්‍ය බව ඇය ප්‍රකාශ කළාය.

"එය ප්‍රජාවේ සාමාන්‍ය සමාජයට වඩා අඩු නම් එසේ වූයේ ඇයිදැයි අවබෝධකරගැනීමට අපට අවශ්‍යයි, ඉන්පසු ඒ ඒ ප්‍රජාවන් වල සිටින පුද්ගලයින්ට එන්නත ලබාගැනීම සම්බන්ධව තීරණ ගැනීම පහසු වන පිණිස ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ යුතුයි." යනුවෙන් FECCA සංවිධානයේ සභාපතිනී Mary Patetsos වැඩි දුරටත් සඳහන් කළාය.

කොරෝනා වයිරසය පැතිරීම සීමා කිරීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව ඇතැම් ප්‍රජා කණ්ඩායම් සඳහා ඉක්මණින් තොරතුරු නොලැබෙන බවද ඇය සඳහන් කළාය.

Share
Published 9 March 2021 10:04am
Updated 9 March 2021 10:07am
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service