අල් ජසීරා රූපවාහිනියෙන් ක්‍රිකට් දූෂණ පිළිබඳ තවත් හෙළිදරව්වක්.

ICC insists it takes corruption seriously after a new documentary highlighted in Al Jazeera.

Source: AAP

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සිදුවූ තරග පාවාදීම් පිළිබඳව සැකසුණු නවතම වාර්තාමය වැඩසටහනක් පසුගිය සති අන්තයේදී අල් ජසීරා රූපවාහිනියෙන් විකාශය විය.

මේ සමගම ක්‍රිකට් තරගවලදී තරග පාවාදීම් ඇතුළු සිදුවන දූෂණ පිළිබඳ බරපතල ලෙස අවධානය යොමු කොට ඒ පිළිබඳ විමර්ශනය කිරීමට කටයුතු කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

වසර 2010 - 2012 කාලය තුළදී ලොව පුරා සිදුවූ ඇතැම් ක්‍රිකට් දූෂණ පිළිබඳ අල් ජසීරා රූපවාහිනියේ එම වාර්තාමය වැඩසටහනින් ඉදිරිපත් කර තිබුණි.

මේ අතර මේ සම්බන්ධව සිදුකෙරන විමර්ශන කටයුතු නොකඩවා සිදු කරමින් පවතින බවත් වැඩි විස්තර ලබා ගැනීම සඳහා අල් ජසීරා රූපවාහිනිය සම්බන්ධ කරගැනීමට උත්සාහ ගන්නා බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යධිකාරී Alex Marshall පැවසීය.

මුදලට තරග පාවාදීම් සම්බන්ධව ශ්‍රී ලංකාවටද මේ වන විට චෝදනා එල්ලවෙමින් පවතින අතර ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවද වාර්තා වේ.


Share
Published 22 October 2018 2:15pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service