එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය අතරතුරදී දුෂණ වංචා සෙවීමට ICC යෙන් ක්‍රියාත්මක නවතම වැඩපිළිවෙල මෙන්න

Cricket world cup trophy 2019

Cricket world cup trophy 2019

එංගලන්තයේදී මේ මස 30 වැනිදා ආරම්භ වන ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 ටම තම සංවිධානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකු බැගින් අනුයුක්ත කරන බව ICC ය හෙවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

තරගාවලියේ පුහුණු තරග හෙට සිට මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව පුහුණු තරඟ වල සිට තරගාවලියේ අවසානය දක්වාම ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරියා කණ්ඩායම සමඟ රැදී සිටියි.

එම දූෂණ මර්දන නිලධාරියා කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත අතර කණ්ඩායම සමඟ තරගවලට සහ පුහුණු සැසිවලට ද සහභාගි වෙයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය දූෂිත ක්‍රියාවලින් තොර තරගාවලියක් බවට පත්කිරීම සහ ක්‍රීඩකයන් සහ අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනැගීම මෙහි අරමුණ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

How to listen SBS Sinhala Radio
How to listen SBS Sinhala Radio Source: SBS Sinhala

Share
Published 23 May 2019 11:42am
By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service