Facebook නැවතත් අමාරුවේ : ඕස්ට්‍රේලියාවේ සිටින බහුතරයකගේ Facebook ගිණුම් වලින් පුද්ගලික දත්ත ගත්තේ කවුද?

Facebook CEO Mark Zuckerberg

Facebook CEO Mark Zuckerberg Source: AAP

චීනයේ මහාපරිමාණ ජංගම දුරකථන නිපදවන ආයතනයක් ඕස්ට්‍රේලියාවේ Facebook භාවිතාකරන්නන්හේ පුද්ගලික දත්ත භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. 'හුවාවී' නම් වන මෙම චීන තාක්ෂණික ආයතනය Facebook හි දත්ත ලබාගත්තේ කෙලෙසින්ද යන්න පිළිබඳව Facebook ප්‍රධානී මාර්ක් සකර්බර්ග් ගෙන් ප්‍රශ්න කලයුතු බවට පාර්ලිමේන්තු ආරක්ෂණ  සහ බුද්ධි අංශ උප සභාපති, කම්කරු පක්ෂ මන්ත්‍රී ඇන්තනි බර්න් පවසයි. මෙරට Facebook ග්‍රහකයින්ගේ පුද්ගලික දත්ත තෙවන පාර්ශවයකට යාමට ඉඩ සැලසුනේ කෙසේද යන්න පිළිබඳව Facebook ප්‍රධානී මාර්ක් සකර්බර්ග් මෙරට ජනතාවට කරුණු පැහැදිලි කල යුතු බව ඔහු පවසයි. ඒ නුව ඉදිරියේදී මාර්ක් සකර්බර්ග් මහතා මෙඅර්ටට කැඳවීම පිළිබඳව කරුණු සලකා බැලෙන බවද පාර්ලිමේන්තු ආරක්ෂණ  සහ බුද්ධි අංශ උප සභාපති, මන්ත්‍රී ඇන්තනි බර්න් වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසා ඇත්තේද මාර්ක් සකර්බර්ග් කැඳවා ප්‍රශ්න කලයුතු බවයි.


Share
Published 7 June 2018 3:15pm
Updated 7 June 2018 3:19pm
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service