ඔස්ට්‍රේලියාව, Google සහ Facebook සමාගම් වෙත නාස් ලණුවක් දැමීමට සැරසෙයි (SBS සිංහල/ වාර්තා)

AAP

Source: AAP

ඔස්ට්‍රේලියානු ජන මාධ්‍ය වලින් Google සහ Facebook ලබාගන්නා ප්‍රවෘත්ති සඳහා අනිවාර්යෙන් මුදල් ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව නීති සම්පාදනය කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)  


 

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මේ බව කියා සිටියේය.
Treasurer Josh Frydenberg
Treasurer Josh Frydenberg Source: AAP

ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති සඳහා Google සහ Facebook වලට බිලක්

Google සහ Facebook සමාගම් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ලබාගැනීමේදී අදාළ ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන සඳහා සාධාරණ මුදලක් ගෙවිය යුතු බවට නව නීති අද (10/12) යෝජනා කෙරුණි.

එම නීති උල්ලංඝනය කළහොත් අදාළ Google සහ Facebook සමාගම් වලට ඩොලර් මිලියන 10 ක් දක්වා වූ දඩ මුදලක් පනවන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.

මේ අනුව මෙවැනි ආකාරයේ නීති ගෙන ආ ලොව ප්‍රථම රට ලෙස ඔස්ට්‍රේලියාව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ජන මාධ්‍ය වෙත සාධාරණයක් කිරීම සඳහා මෙම ආකාරයේ නීති කෙටුම්පත් ගෙන ආ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එමෙන්ම මෙය විශාල වශයෙන් බලපාන ඩිජිටල් මාධ්‍ය සඳහා අනුකූලතා පිරිවැය ද වසරකට ඩොලර් මිලියන 10.5 සිට ඩොලර් මිලියන 13 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පුවත් ලබාගන්නා ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන සඳහා ඒ ඒ පුවත් වෙනුවෙන් Google සහ Facebook සමාගම් සාකච්ඡා කර සාධාරණ මිලක් ගෙවීමට එකඟ විය යුතුය.

ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන සහ Google සහ Facebook සමාගම් වලට මාස තුනක් ඇතුළත මේ පිළිබඳ එකඟතාවකට පැමිණිය නොහැකි වුවහොත් ස්වාධීන මණ්ඩලයක් විසින් Google සහ Facebook සමාගම් අදාළ ජනමාධ්‍ය ආයතන වෙත ගෙවිය යුතු මුදල් ප්‍රමාණය තීරණය කරනු ලබයි.
23 April 2019, Berlin: ILLUSTRATION - The logo of the social network Facebook can be seen on the display of a smartphone. Photo: Monika Skolimowska/dpa-Zentralbild/dpa (Photo by Monika Skolimowska/picture alliance via Getty Images)
Source: Getty Images

නව ආචාර ධර්ම පද්ධතිය

කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය මෙම යෝජිත නීතියට සහයෝගය පළ කර ඇති නමුත් තමන්ට විස්තරාත්මක ආචාර ධර්ම පද්ධතිය බැලිය යුතු බව පවසයි.

"ගුණාත්මක ජනමාධ්‍ය කලාවට මේ රටේ නිසි ලෙස ගෙවනු දැකීම අපට අවශ්‍යයි. නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තවමත් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කර නැහැ" යනුවෙන් භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Jim Chalmers පැවසීය.

ABC සහ SBS මාධ්‍ය ආයතන මෙන්ම ඔස්ට්‍රේලියාවේ අනෙකුත් වාණිජ පුවත් හා මාධ්‍ය ආයතන මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මේ අතර Google සමාගම තවම සංශෝධනය කළ ආචාර ධර්ම පද්ධතිය දැක නැතැයි යනුවෙන් Google නියෝජිතයෙකු SBS පුවත් සේවයට පැවසීය.

Share
Published 9 December 2020 8:48pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service