ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දමයි, නවතම වැටුප් අනුපාතය මෙන්න (SBS සිංහල/ වාර්තා)

2.5% කින් ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමීමට Fair Work කොමිසම තීරණය කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ අඩුම වැටුප් ලබන සේවකයින්ට පසුගිය වසරට වඩා විශාල වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇත.

The Fair Work Commission has determined minimum wages will rise by $18.80 a week in its annual decision affecting 2.3 million workers across Australia.

The Fair Work Commission has determined minimum wages will rise by $18.80 a week in its annual decision affecting 2.3 million workers across Australia. Source: Getty Images AsiaPac

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමීමට Fair Work කොමිසම ඊයේ (16/06) තීරණය කළේය.

ඒ අනුව 2.5% කින් ඔස්ට්‍රේලියාවේ අවම වැටුප වැඩිවනු ඇත.


Highlights

  • නව වැටුප් වැඩිවීමත් සමග ඔස්ට්‍රේලියාවේ අඩුම වැටුප් ලබන සේවකයකුගේ පැයක වැටුප $20.33 ක් වන අතර සතියක වැටුප $772.60 ක් වනු ඇත.
  • Aviation, fitness, සංචාරක සහ ඇතැම් සිල්ලර අංශ යටතේ සේවය කරන සේවකයින්ට මෙම වැටුප් වැඩිවීම නොවැම්බර් 1 වනදා දක්වා ප්‍රමාද වන බව වාර්තා වේ.
  • සාමාන්‍ය සිල්ලර අංශ වල සේවය කරන සේවකයින්ට 2021 සැප්තැම්බර් 01 වන දින සිට මෙම වැටුප් වැඩිවීම ලැබෙනු ඇත.
  • ඔස්ට්‍රේලියාවේ සෙසු සේවකයින් හට අවම වැටුප වැඩිවීම 2021 ජූලි 01 වන දින සිට වැඩිවීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමීම

2.5% කින් ඔස්ට්‍රේලියාවේ අවම වැටුප ඉහළ දැමීමට Fair Work කොමිසම තීරණය කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ අඩුම වැටුප් ලබන සේවකයින්ට පසුගිය වසරට වඩා විශාල වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇත.

ඒ අනුව නව අනුපාතයට අනුව ඔස්ට්‍රේලියාවේ අඩුම වැටුප් ලබන සේවකයකුගේ පැයක වැටුප $20.33 ක් වන අතර සතියක වැටුප $772.60 ක් වනු ඇත.

Aviation හෙවත් ගුවන් ගමන්, fitness හෙවත් යෝග්‍යතා, සංචාරක සහ ඇතැම් සිල්ලර අංශ යටතේ සේවය කරන සේවකයින්ට මෙම වැටුප් වැඩිවීම නොවැම්බර් 1 වනදා දක්වා ප්‍රමාද වන බව වාර්තා වේ.

කෙසේනමුත්, සාමාන්‍ය සිල්ලර අංශ වල සේවය කරන සේවකයින්ට 2021 සැප්තැම්බර් 01 වන දින සිට මෙම වැටුප් වැඩිවීම ලැබෙනු ඇත.

ඔස්ට්‍රේලියාවේ සෙසු සේවකයින් හට අවම වැටුප වැඩිවීම 2021 ජූලි 01 වන දින සිට වැඩිවීමට නියමිතය.

වෘත්තීය සමිති තවත් ඉල්ලයි

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 3.5% කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති මීට පෙර සිටම ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව අවම වැටුපක් ලබන සේවකයෙකු හට සතියකට අමතරව $26 ක මුදලක් ලැබීමට නියමිතව තිබුණි.

සිල්ලර අංශ වල සේවකයින් හට මෙම ඉහළ දැමුණු අටුප් වැඩිවීම ප්‍රමාද වී ලැබීම පිළිබඳ තමන් කණගාටු වන බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායෙන් 25% ක් සඳහා 2.5% ක වැඩිවීමක් ලැබුණේ ඒ සඳහා සටන් වදින වෘත්තීය සමිති නිසා බවද ඇය පැවසුවාය.

"අවම වැටුප් ලබන සේවකයින්ට  තමන්ගේ ජීවන වියදම පියවා ගැනීමට මෙම ඉහළ දැමීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම සමාගම් වාර්තාගත ලාභයක් වාර්තා කර ඇති විට අත්‍යවශ්‍ය සිල්ලර සේවකයින්ගේ වැටුප් වැඩිවීම් ප්‍රමාද කිරීම අසාධාරණයි." යනුවෙන්ද Sally McManus වැඩිදුර පැහැදිලි කළාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා වසංගතය තුළ ඔස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාරවලට අදාළ රැකියා අඩාල විය හැකි යැයි තර්ක කරමින් මොරිසන් රජය විශාල වැටුප් වැඩිවීමකට එරෙහිව අනතුරු ඇඟවීය.

මෙම වැටුප් වැඩි කිරීමට දැඩි සටනක් ලබාදීමට සිදුවූ බව කර්මාන්ත සම්බන්ධ කම්කරු පක්ෂයේ නියෝජිත Tony Burke පැවසීය.

"ඔස්ට්‍රේලියානු රජය ඊට හරස් නොවුවානම් එය මීට වඩා වැඩි වීමට ඉඩ තිබුණු බව ද ඔහු සඳහන් කළේය.

මෙම අවම වැටුප් වැඩිවීම 1.1% දක්වා හෝ සතියකට $8.29 දක්වා හෝ සීමා කරන ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් Fair Work කොමිසමෙන් ඉල්ලා තිබේ.

Fair Work කොමිසමේ මෙම තීරණය කුඩා ව්‍යාපාර 230,000 කට පමණ දැරීමට ඉතා අපහසු බව ඔස්ට්‍රේලියානු වානිජ සහ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක Jenny Lambert පැවසුවාය.

Share
Published 17 June 2021 12:27pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service