නියමිත අයුරින් එන්නත් නොකළ දරුවන්ව ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා බාර නොගන්නා ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් නියෝගයක්. (SBS සිංහල/වාර්තා)

ඇතැම් ප්‍රාන්ත මේ වන විටත් එන්නත් නොකළ දරුවන්ව ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා බඳවා ගැනීම අත් හිටුවා ඇත. නමුත්, එම නීතිය සමාන ආකාරයට ඔස්ට්‍රේලියාව පුරාම ක්‍රියාත්මක වන අයුරු දැකීමට තමන් අපේක්ෂා කරන බව අගමැති Turnbull පවසයි.

Federal Government pushes to ban unvaccinated children from childcare centres

Source: AAP

ඔස්ට්‍රේලියාවේ නියමිත අයුරින් එන්නත් නොකළ දරුවන්ව ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා බාර නොගන්නා ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය, ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් වලට බල කරමින් සිටියි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින ලෙස ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull විසින් සියලුම ප්‍රාන්ත අගමැතිවරුන් හට හා ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය වරුන් හට ලිඛිතව දැනුම් දී තිබේ.

ඇතැම් ප්‍රාන්ත මේ වන විටත් එන්නත් නොකළ දරුවන්ව ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා බඳවා ගැනීම අත් හිටුවා ඇත.

නමුත්, එම නීතිය සමාන ආකාරයට ඔස්ට්‍රේලියාව පුරාම ක්‍රියාත්මක වන අයුරු දැකීමට තමන් අපේක්ෂා කරන බව අගමැති Turnbull පවසයි.

දරුවන්ව එන්නත් කිරීමේ ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පැවතුණද තවත් බොහෝ පිරිසකට එය සිදු කිරීමට ඇති බවද අගමැතිවරයා පවසයි.

එන්නත් නොකළ දරුවන්ව මේ වන විට ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා බඳවා ගැනීම නොදර්න් ටෙරිටරි, ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි, දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්ත හා ටෙරිටරි වල සිදු කෙරේ.

ළමුන්ට සම්පූර්ණ ප්‍රතිශක්තීකරණය ලබා දීම හෝ අනුමත කළ ප්‍රතිශක්තීකරණය ලබා දීමේ වැඩසටහනක් මත ක්වීන්සලන්තය, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වල ළමුන් බඳවා ගැනීම ක්‍රියාත්මක වේ.

ළමුන් අතර රෝග කාරකයන් ව්‍යාප්ත වීම වැළක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt, Channel Nine මාධ්‍ය ජාලයට පවසා ඇත.

“රජයක් වශයෙන් ළමුන්ව සුරැකීම අපේ වගකීමක. දෙමාපියන් හට තම දරුවන්ට  මෙම එන්නත් ලබා දීමට කිසිදු බාධාවක්නැහැ. අපි මේ ආකාරයට ක්‍රියා නොකළහොත් අහිංසක ළමුන් අවදානම් තත්ත්වයකට පත් වෙනවා.” Greg Hunt වැඩි දුරටත් පැවසීය.

අගමැතිගේ ක්‍රියාවට කම්කරු පක්ෂයේ ඔල්වරසන්.

මධ්‍යම රජයේ මෙම තීරණයට කම්කරු පක්ෂයද සිය සහය පළ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සියලුම ළමුන් හට නිසි පරිදි එන්නත් ලබා දීම ඔවුන්ගේ අරමුණ බවද කම්කරු පක්ෂය පවසයි.

“අගමැතිවරයාගේ මෙම තීරණය ගැන මම සන්තෝෂ වෙන අතරම එයට සහය දෙනවා. මෙවැනි දේ ප්‍රශ්න රහිතව සිදු කිරීමට හැකි එකම විසඳුම ලෙස “ජාතික අධ්‍යාපන ව්‍යාපාරයක්” බිහි කිරීම පිළිබඳ පසුගිය සතියේදී අගමැති Turnbull හට මම ලිඛිතව දැනුම් දුන්නා.” කම්කරු පක්ෂ නායක බිල් ශෝර්ටන් පැවසීය.

ඇතැම් එන්නත් නොකළ දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන බවට පසුගියදා වාර්තාවක් පළ වීම අගමැතිවරයාගේ මෙම තීරණයට ආසන්නතම හේතුව වී තිබේ.

දෙමාපියන් 2000 පමණ යොදාගෙන ඕස්ට්‍රේලියානු ළමා සෞඛ්‍ය සමීක්ෂණය සිදු කළ සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ 5% ක පමණ ළමුන් ප්‍රතිශතයකට නියමිත එන්නත් ලබා දී නොමැති අතර එනිසා ඔවුන්ගෙන් හයෙන් එකක් ළමා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

තම පාසල් වල සහ ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල කොපමණ දරුවන් සංඛ්‍යාවක් එන්නත් නොලබා සිටිනවාද යන්න දැන ගැනීමට 74% ක දෙමාපියන් අපේක්ෂාවෙන් සිටින බවද එම සමීක්ෂණයෙන් හෙළිවී ඇත.

එන්නත් නොකළ ළමුන් පිළිබඳ දැනගැනීමෙන් කුමන පාසල හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානය තොරගන්නවාද යන්න තීරණය කරන බව එහි සිටි 10% ක දෙමාපියන් තීරණය කර තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් 95% ක ප්‍රතිශතයක් සඳහා පූර්ණ එන්නත් ලබා දී ඇති බවද එම සමීක්ෂණය හෙළි කරයි.

Share
Published 13 March 2017 10:46am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service