දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Occupation ලැයිස්තුවෙන් ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් 5 ක් ඉවත් කරයි (SBS සිංහල/ වාර්තා)

සමස්ත දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයම ප්‍රාදේශීය කලාපයක් ලෙස සැලකෙන බැවින් බොහෝ ජාත්‍යන්තර සිසුන් හා තාවකාලික වීසා ලාභීන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ අරමුණින් පසුගිය කාලයේ පටන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත යාම දක්නට ලැබේ.

çLarge Group of Diverse People with Different Occupations (Getty Images)

Source: Getty Images

ඉතා ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන්/ රැකියා 5 ක් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Occupation හෙවත් රැකියා ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

2020/21 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන විවෘත කර සති තුනක් ගතවීමටත් පෙර මෙම ඉවත් කිරීම සිදු කිරීම බොහෝ දෙනා හට බලපාන බව වාර්තා වේ.


Highlights

  • ඉවත් කළ වෘත්තීන් 5 ම ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් 5 ක් නිසාවෙන් මෙය බොහොමයක් අයදුම්කරුවන් හට බලපාන බව වාර්තා වේ.
  • ඔස්ට්‍රේලියාවෙන් පිටත හෝ වෙනත් ප්‍රාන්තයක හෝ සිටී නම් මේ සඳහා අයදුම් කිරීමට නොහැකිය.
  • පෙර වසර වලට සාපේක්ෂව මෙවර දකුණු ඔස්ට්‍රේලියා නිපුණතා රැකියා ලැයිස්තුවේ විවිධ ක්ෂේත්‍ර වල රැකියා විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Occupation ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු වෘත්තීන් 5

ඊයේ (24/02) වන විට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Occupation ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු වෘත්තීන් 5 පහත පරිදි වේ.

  1. Occupation ID 221112: Management Accountant
  2. Occupation ID 221213: External Auditor
  3. Occupation ID 321211: Motor Mechanic (General)
  4. Occupation ID 351411: Cook
  5. Occupation ID 141111: Cafe or Restaurant Manager
ඉහත වෘත්තීන් 5 ම ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් 5 ක් නිසාවෙන් මෙම ඉවත් කිරීම බොහොමයක් අයදුම්කරුවන් හට බලපාන බව වාර්තා වේ.

විශේෂයෙන් සමස්ත දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයම ප්‍රාදේශීය කලාපයක් ලෙස සැලකෙන බැවින් බොහෝ ජාත්‍යන්තර සිසුන් හා තාවකාලික වීසා ලාභීන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ අරමුණින් පසුගිය කාලයේ පටන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත යාම දක්නට ලැබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන

2020/21 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන 2021 පෙබරවාරි 08 වන දින උදෑසන 8 ට විවෘත කෙරිණි.

ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ state nomination අවශ්‍යතා සපුරා ඇති සුදුසුකම් ලත් නිපුණතා සංක්‍රමණිකයින් හට මේ සඳහා අයදුම් කිරීමට හැකියාව ලැබේ.

යම් පුද්ගලයෙකු මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් පිටත හෝ දකුණු ඔස්ට්‍රේලියාව හැර වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක සිටී නම් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබන බවද දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිල සංක්‍රමණික වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔබ ජීවත් වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ පිටත කලාපයේ නම් හෝ දකුණු ඔස්ට්‍රේලියාවේ දිගු කාලීනව වාසය කරමින් රැකියාවක යෙදී සිටිනවානම් හෝ skilled work experience හෙවත් නිපුණතා රැකියාවේ පළපුරුද්ද සම්බන්ධව ඇති අවශ්‍යතා අතහැර දැමීම හෝ අඩු කිරීම සඳහා ඔබ සුදුසුකම් ලබන අතර ඔබේ වෘත්තීය අදාළ ලයිස්තුවේ ඇත්නම් ඔබට අයදුම් කළ හැකිය. වැඩි විස්තර 

එමෙන්ම දකුණු ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය නිමා කළ ජාත්‍යන්තර සිසුන් පසුගිය මාස 3 ක කාලය තුළ දකුණු ඔස්ට්‍රේලියාව තුළ nominated හෝ closely related occupation හෙවත් තමන්ගේ Assessment එකට සෘජුව හෝ සමීපව සම්බන්ධයක් ඇති රැකියාවක් කරයි නම් ඔවුන්ට ද දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය. වැඩි විස්තර 
Female chef student with colleague cooking food in commercial kitchen
Source: Getty Image

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Skilled Occupation ලැයිස්තුව

2020/21 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled Occupation List හෙවත් නිපුණතා රැකියා ලැයිස්තුව 2021 පෙබරවාරි 04 වන දින නිකුත් කෙරුණි.

පෙර වසර වලට සාපේක්ෂව මෙවර රැකියා ලැයිස්තුවේ විවිධ ක්ෂේත්‍ර වල රැකියා විශාල ප්‍රමාණයක් මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

2020/21 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුව 

Share
Published 25 February 2021 4:18pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service