වසර 4ක පාර්ලිමේන්තු කාලයක් ඔස්ට්‍රේලියාවට අවශ්‍යද ?

parliament

Source: ABC Australia

 ඔස්ට්‍රේලියාව තුල පාර්ලිමේන්තු කාලය වසර 4ක නිශ්චිත කාලයක් කිරීමට  විපක්ෂ නායක Bill Shorten පවසනවා. ABC මාධ්‍ය සේවයට ඔහු මේ බව ප්‍රකාශ කොට ඇති අතරම අග්‍රාමාත්‍ය Malcolm Turnbull ද මෙයට එකග විය හැකි බවද පැවසේ.  අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා මේ  සාකච්චාවකට එන්කග වී ඇතත් අමාතය  Scott Morrison එය ප්‍රමුකත්වය ලබා දීමක්  නොවන බව පවසා තිබේ. 

මෙසේ නිශ්චිත කාලයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ?

එවිට මීළඟ මැතිවරණ දිනය කල් තියා තීරණය කෙරේ . උදාහරණයක් ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ මැතිවරණය වසර 4කින් නොවැම්බර් මස අවසාන සෙනසුරාදා පැවැත්වෙන අතර NSW හි එය මාර්තු මස 4 වැනි සෙනසුරාදා පැවැත්වේ . දැනට එසේ නිශ්චිත මැතිවරන  දිනයක් නැත්තේ ටස්මෙනියාව හා ක්වීන්ස්ලන්ත්ය යන ප්‍රාන්ත වල පමණි . දැනට ඇති තත්වය අනුව අග්‍රාමාත්‍යවරයාට මැතිවරණ දිනය වසර 3ට වඩා වැඩි නොවන ලෙස තීරණය කල හැකියි   

මෙම ක්‍රමය ඇති වෙනත් රටවල්

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය , කැනඩාව හා වෙනත් බොහෝ යුරෝපියානු රටවල් ද මෙම ක්‍රමය අනුගමනය කරයි. ඔස්ට්‍රේලියාවට පමණක් වසර 3ක පාර්ලිමේන්තු කාලය තිබීම අමුතු දෙයක් බවත් හැඳින්වේ
විපක්ෂ නායක Bill Shorten පවසන්නේ ෆෙඩරල් රජය අවුරුදු 2 හමාරක් කාලය ගත කරන බවත් එය වසර 3ක් වත් නැති බවයි. විශේෂයෙන්ම රජය ඉදිරි මැතිවරණය පිළිබඳවම නොසිතා එවිට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

මෙම වසර 4ක පාර්ලිමේන්තු කාලයේ ඇති වාසි

ව්‍යාපාර සදහා වාසි සහගත වීම
මැතිවරණ සඳහා යන වියදම හා කාලය අඩු වීම
දේශපාලන හේතු මත අග්රාමාත්යවරුන්ට මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම

අපිට අනවශ්‍ය කරුණු

මෙමගින් අග්‍රාමාත්‍යවරු ජනතාව වෙත යාම අඩු වන බව පවසනවා. වැදගත් කරුණක් සදහා ජනතා සහය ලබා ගැනීම එවිට අසීරු විය හැකියි
සමහර අවස්ථා වලදී හදිසියේ මැතිවරණ පැවැත්වීමට නිශ්චිත කාලයේදී වුවද හැකි වේ. බ්‍රිතාන්‍යයේ Theresa May හට Brexit පිලිබදව ජන මතය ලබා ගැනීමට එලෙස සිදු විය

නමුත් චන්ද දායකයන්ට දිගු කාලයක් තම මතය ලබා දීමට කලක් ගත වේ
දුර්වල රජයක් දිගු කාලයක් බලයේ සිටීම අහිතකර විය හැක
දිගු මැතිවරණ ප්‍රචාරණ සිදු විය හැකි වේ

මෙම වෙනස්කම් ළඟදී සිදු වේද ?

ABC හි මැතිවරණ විශ්ලේෂක Anthony Green පවසන්නේ තවත් වසර 10කට මෙය සිදු වේ දැයි සිතිය නොහැකි බවයි. පහල පාර්ලිමේන්තුවෙන් එයට අනුමැතිය ලබා දීමට මත විචාරණයක් අවශ්‍ය වේ . එසේම double dissolution ක්‍රමයට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳවද ගැටළු ඇති වේ


Share
Published 25 July 2017 11:09pm
Updated 26 July 2017 12:05am
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service