සිඩ්නි නුවර ත්‍රස්ත කුමන්ත්‍රණයේදී අත් අඩංගුවට පත් සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂාව තව දුරටත්.

Forensic officers are continuing to comb the Sydney homes of the remaining suspects

Source: AAP

සිඩ්නි නුවර පසුගියදා වැටලූ ත්‍රස්ත කුමන්ත්‍රණයේ අත් අඩංගුවට පත් සැකකරුවන්ගේ නිවෙස් සහ ඔවුන්ට සම්බන්ධ අනෙක් නිවෙස් පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තවමත පරීක්ෂණ පවත්වන බව සඳහන්.

එම සිද්ධියට අදාළව පුද්ගලයින් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් නමුත් 50 හැවිරිදි එක් සැකකරුවෙකු ඊයේ (02/08) නිදහස් කරනු ලැබීය.

සෙසු සැකකරුවන් තිදෙනා තවමත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ලබන ඉරිදා දිනය වන  තෙක් ඔවුන්ව රඳවා තබා ගැනීමට හෝ චෝදනා ගොනු කිරීමට පොලීසියට හැකියාව ඇත.

මෙම සිද්ධියත් සමග ඔස්ට්‍රේලියාවේ සෑම ගුවන් තොටුපොලකම පනවා ඇති අතිරේක නීති අවශ්‍ය තාක් කල් පනවා තැබීමට සිදු වන බව විපක්ෂයේ නීති පිළිබඳ නියෝජිත  Mark Dreyfus ABC පුවත් වෙත පැවසීය.

 


Share
Published 3 August 2017 12:34pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service