සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුම ප්‍රමාණවත් එළවලු සහ පළතුරු ආහාරයට නොගන්නා බව හෙළිවේ. (SBS සිංහල / වාර්තා)

නිර්දේශිත එළවලු සහ පළතුරු ප්‍රමාණය තමන්ගේ ආහාර වේල් සඳහා එක් කර ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයින් වැඩි වශයෙන් උනන්දු වෙන බව හෙළිවී තිබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටිනා පුද්ගලයින් ඒ සම්බන්ධව අඩුවෙන්ම උනන්දුව ඇති පිරිස ලෙස හඳුනාගෙන ඇත.

Four in five Australians not eating enough fruit and vegetables

Source: Shutterstock

ඔස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයින්  පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුම තමන්ගේ ආහාර වේල් සඳහා ප්‍රමාණවත් පළතුරු සහ එළවලු එකතු කර නොගන්නා බව නවතම CSIRO සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කෙරෙන විශාලතම සමීක්ෂණ අතරින් එකක් වන මෙමගින් හෙළිවී ඇත්තේ එම පිරිසෙන් බහුතරය පිරිමින් බවය.

මෙම සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් 145,000 සම්බන්ධ කරගත් අතර නිර්දේශිත පලතුරු 2ක් සහ එළවලු 5ක් දිනකට ආහාරයට ගන්නා කාන්තාවන් ප්‍රමාණය එයින් 24% ක් බවද පිරිමින් ප්‍රමාණය 15% ක් බවද අනාවරණය වී තිබේ.

ලැබුණු ප්‍රතිපල කණගාටුදායක නමුත් ඒ පිළිබඳ පුදුම නොවන බවත් පර්යේෂණ අධ්‍යක්ෂ මහාචාර්ය  Manny Noakes පැවසුවාය. එහි ප්‍රධාන සාධකය වී ඇත්තේ පහසුව බවද ඇය පවසයි.

"ඔබේ ජීවන රටාවට එළවලු යනු වායු  පීඩන මානයක් කියා මම සිතනවා. ඔබ නිවසින් පිටත, අවන්හල් වලින් ආහාර ගන්නවානම් සෞඛ්‍ය දායී ආහාර වේලක තිබිය යුතු එළවලු ප්‍රමාණය එහි නැහැ. නමුත් නිවසේදී ආහාර පිසින විට කතාව හුඟක් වෙනස්. මෙතනදී ප්‍රධාන හේතුව පහසුව බැලීමයි. පළතුරු සහ එළවළු ලබා ගැනීමේදී මදක් නිර්මාණශීලී විය යුතු බවයි මගේ අදහස. අපි දැන් කෙමෙන් කෙමෙන් දකිනවා නැවුම් එළවලු සෝදලා ඇසුරුම් කරලා ඉතා පහසු ලෙස මිලදී ගෙන භාවිතයට ගන්නා ආකාරයෙන් වෙළෙඳ පොළේ තිබෙනවා." ඇය වැඩි දුරටත් පැවසුවාය.

ඌනතාවෙන් පෙළෙන පිරිස අතර තරුණ වැඩිහිටියන් සහ රැකියා නොමැති පුද්ගලයින් සිටියි.

  • තමන්ගේ ආහාර වේලට එළවලු සහ පළතුරු වැඩි වශයෙන් එකතු කරගත යුතු පිරිස ලෙස පිරිමින්, තරුණ වැඩිහිටියන්, තරබාරු උදවිය  සහ රැකියා නොමැති පුද්ගලයින් සිටින බව අනාවරණය වී ඇත.
  • "අඩුවෙන්ම එළවලු සහ පළතුරු ආහාරයට නොගන්නා පිරිස අතර තරුණ පිරිමින් විශේෂයෙන්ම  සිටිනවා. සමස්තයක් වශයෙන් ගත් කළ පිරිමින්ට වඩා කාන්තාවන් හොඳ මට්ටමක සිටිනවා. " මහාචාර්ය  Manny Noakes පැවසුවාය.
  • "කාන්තාවන් වැඩි වශයෙන් සෞඛ්‍ය ගැන හිතනවා. ආහාර සමග ඔවුන් බොහෝ සෙයින් සම්බන්ධයි. ඒ වගේම රැකියාවක් නොමැති පුද්ගලයින් තමන්ගේ මානසික පීඩනය නිසා සෞඛ්‍ය දායී ආහාර වේලක් ගැන සිතන්නේ නැහැ." ඇය තවදුරටත් පැහැදිලි කළාය.
  • නිර්දේශිත එළවලු සහ පළතුරු ප්‍රමාණය තමන්ගේ ආහාර වේල් සඳහා එක් කර ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයින් වැඩි වශයෙන් උනන්දු වෙන බව හෙළිවී තිබේ.
  • ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටිනා පුද්ගලයින් ඒ සම්බන්ධව අඩුවෙන්ම උනන්දුව ඇති පිරිස ලෙස හඳුනාගෙන ඇත.
  • තරුණ පරම්පරාවට වඩා වයස අවුරුදු 71 කට වඩා වැඩි විශ්‍රාමික උදවිය පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්නා බවද පැවසේ.
  • මීට පෙර පැවති සමීක්ෂණ සමග සැසඳීමේදී ඔස්ට්‍රේලියනුවන් ක්‍රම ක්‍රමයෙන් සෞඛ්‍ය සම්පන්න නොවන බවද අනාවරණය වන බව මහාචාර්ය  Manny Noakes පවසයි.
  • "අපිට වැදගත් ප්‍රමාණයේ එළවලු ආහාරයට ගැනීමට පෙරාතුව අපිට යාමට බොහෝ දුරක් තිබෙනවා. " ඇය පෙන්වා දෙයි..

Share
Published 4 April 2017 10:47am
Updated 4 April 2017 1:49pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service