අප්‍රේල් - ජූලි අතර ඔස්ට්‍රේලියාවේ Domestic flights ටිකට් සඳහා 50% ක වට්ටමක් (SBS සිංහල/ වාර්තා)

මෙම තීරණය යටතේ ඔස්ට්‍රේලියාව තුළ පිහිටි කලාප ගණනාවකට ඇති ගුවන් ගමන් වල ගුවන් ටිකට් පත් මිල සඳහා 50% ක වට්ටමක් ලැබේ.

A Qantas (R) and a Virgin (L) plane sit

A Qantas (R) and a Virgin (L) plane at the international airport in Sydney Source: Getty Images

ඔස්ට්‍රේලියාව තුළ ගුවනින් සංචාරය කිරීමේදී ඊට අදාළ ගුවන් ටිකට් පත්වල මිල හරි අඩකින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී තිබෙන ඔස්ට්‍රේලියාවේ සංචාරක හා ගුවන් සේවා ව්‍යාපාර යළි නගා සිටුවීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම තීරණය ගෙන තිබේ.


Highlights

  • දේශීය ගුවන් ටිකට් පත් ලක්ෂ 8 කට පමණ මෙම මිල සහනය හිමිවනු ඇත.
  • මෙම 50% ක වට්ටම Return flights වලට හෙවත් නැවත පැමිණීම සඳහා ලබාගන්නා ගුවන් ටිකට් පත් සඳහා පමණක් හිමිවේ.
  • අප්‍රේල් 01 වන දින සිට ජූලි 31 දක්වා මෙම 50% වට්ටම හිමිවනු ඇත.

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ටිකට් පත් මිල හරි අඩකින් කප්පාදු කෙරේ

මෙම තීරණය යටතේ ඔස්ට්‍රේලියාව තුළ පිහිටි කලාප ගණනාවකට ඇති ගුවන් ගමන් වල ගුවන් ටිකට් පත් මිල සඳහා 50% ක වට්ටමක් ලැබේ.

එලෙස කප්පාදු කෙරෙන මුදල ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අදාළ සමාගම් වෙත ලබාදෙන අතර ඒ සඳහා ඩොලර් බිලියන 1.2 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දේශීය ගුවන් ටිකට් පත් ලක්ෂ 8 කට පමණ මෙම මිල සහනය හිමිවනු ඇත.

මෙම සහන Return flights වලට හෙවත් නැවත පැමිණීම සඳහා ලබාගන්නා ගුවන් ටිකට් පත් සඳහා පමණක් හිමිවේ.

අප්‍රේල් 01 වන දින සිට ජූලි 31 දක්වා මෙම 50% වට්ටම හිමිවනු ඇත.
International flights into Melbourne to resume from the 8th of April.
International flights into Melbourne to resume from the 8th of April. Source: AAP

වට්ටම හිමිවන ගමනාන්ත

ඉහත සඳහන් කළ 50% වට්ටම හිමිවන ගමනාන්ත ලැයිස්තුව මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නම් කර තිබේ.

ඒවා පහත පරිදි වේ.

  • Gold Coast
  • Cairns
  • ක්වීන්ස්ලන්තයේ Sunshine Coast, Proserpine සහ Hamilton Island
  • ක්වීන්ස්ලන්තයේ Whitsundays දූපත් සහ Mackay region
  • Northern Territory හි Lasseter සහ Alice Springs
  • ටස්මේනියාවේ Launceston, Devonport සහ Burnie
  • බටහිර ඔස්ට්‍රේලියාවේ Broome
  • මෙල්බර්න් හි Avalon
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Merimbula
  • දකුණු ඔස්ට්‍රේලියාවේ Kangaroo Island

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියාවේ සංචාරක සහ ගුවන් සේවා කර්මාන්ත වලට සහයක්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම තීරණය හරහා සංචාරක කටයුතු මෙහෙයවන්නන්, ව්‍යාපාර, සංචාරක ඒජන්තවරුන් සහ ගුවන් සේවා සඳහා සැලකිය යුතු මුල්‍ය සහයක් ලැබෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.

කොරෝනා වසංගතය නිසා එම කර්මාන්ත විශාල ලෙස කඩා වැටී තිබෙන හෙයින් මෙම තීරණය ඒවාට විශාල අත්වැලක් සපයනු ඇතැයි මධ්‍යම රජය විශ්වාස කරයි.

අප්‍රේල් සිට ඔක්තෝබර් අවසානය දක්වා කාලය තුළ ජාත්‍යන්තර ගුවන් සේවකයින් 8600 ක් සේවයේ යොදවා ගැනීම ද මෙම පැකේජයට ඇතුළත් වේ.

Share
Published 11 March 2021 9:41am
Updated 11 March 2021 12:07pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service