ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා නිර්දේශිත රැකියා ලැයිස්තු වල නවතම තත්ත්වය මෙන්න SBS සිංහල වෙතින්

වික්ටෝරියානු ප්‍රාන්තය සඳහා ප්‍රාන්ත ආගමන අයදුම්පත් බාරගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙන අතර පසුගිය අප්‍රේල් මාසයේදී වික්ටෝරියානු ප්‍රාන්තය සඳහා 190 වීසා ආරාධනාවන් 278 ක් නිකුත් කර තිබෙන බව www.liveinmelbourne.vic.gov.au වාර්තා කරයි.

latest updates of Australia’s State Occupations lists

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි (Skilled nominated migration - 190) හෝ සේවය කිරීමේ වීසා (Skilled regional nominated migration - 489) ලබා ගත හැකි State Nomination Ceilings හෙවත් ප්‍රාන්ත සඳහා නිර්දේශිත ඇතැම් රැකියා ලැයිස්තු යාවත්කාලීන කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරිටරි හා බැඳුනු ප්‍රාන්ත නිර්දේශිත රැකියා ලැයිස්තු වල එම වෙනස්වීම් පහත පරිදි වේ.

latest updates of Australia’s State Occupations lists
Source: Getty Images

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිර්දේශිත රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව www.industry.nsw.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් මාසය වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා 190 වීසා ආරාධනාවන්256 ක් ද 489 වීසා ආරාධනාවන්95 ක්ද නිකුත් කර තිබේ.

ක්වීන්ස්ලන්තය

පසුගිය මැයි මාසය අවසාන වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිර්දේශිත රැකියා ලැයිස්තුව යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නිර්දේශිත රැකියා ලැයිස්තුව සඳහා පහත රැකියා ද්විත්වය අලුතින් එකතු කර තිබේ.

  • 272413 - Translator
  • 254424 - Registered Nurse (Surgical)

වික්ටෝරියා

වික්ටෝරියානු ප්‍රාන්තය සඳහා ප්‍රාන්ත ආගමන අයදුම්පත් බාරගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙන අතර පසුගිය අප්‍රේල් මාසයේදී වික්ටෝරියානු ප්‍රාන්තය සඳහා 190 වීසා ආරාධනාවන්278 ක් නිකුත් කර තිබෙන බව www.liveinmelbourne.vic.gov.au වාර්තා කරයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


දකුණු ඔස්ට්‍රේලියාව

දකුණු ඔස්ට්‍රේලියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුව ද යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුව සඳහා පහත රැකියා අලුතින් එකතු කර තිබේ.

  • 272413 - Translator
  • 321212 - Diesel Motor Mechanics
  • 262113 - Systems Administrator
  • 313113 - Web Administrator
latest updates of Australia’s State Occupations lists
Source: SBS

ටස්මේනියාව

ටස්මේනියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුව ද යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව ටස්මේනියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුවෙන් පහත රැකියා ඉවත් කර තිබේ.

  • 251513 - Retail Pharmacist
  • 251511 - Hospital Pharmacist

Northern Territory

Northern Territory නිර්දේශිත රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර පසුගිය අප්‍රේල් මාසය වන විට Northern Territory සඳහා 190 වීසාආරාධනාවන් 14 ක් ද 489 වීසා ආරාධනාවන්49 ක්ද නිකුත් කර තිබේ.

Australian Capital Territory (ACT)

ACT නිර්දේශිත රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර පසුගිය අප්‍රේල් මාසය වන විට ACT සඳහා 190 වීසා ආරාධනාවන්100 ක් නිකුත් කර තිබේ.

බටහිර ඔස්ට්‍රේලියාව

බටහිර ඔස්ට්‍රේලියාවේ නිර්දේශිත රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු වී නොමැත.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියාවේ Migration Services කාර්යාලය දැන් 1 Prospect Place, West Perth යන ස්ථානයට ගෙනගොස් ඇති බව www.migration.wa.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 11 June 2018 1:38pm
Updated 11 June 2018 2:36pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service