පා පැදිකරුවන් නිසා අප්‍රේල් 26 සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැනවුණු නවතම නීතිය මෙන්න (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග වල පාපැදි කරුවන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා නව නීතියක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් අප්‍රේල් 26 සිට බලාත්මක කර තිබේ.

Here is the latest rule imposed in Victoria on April 26 because cyclists

Source: Pixabay/ Free-Photos

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග වල පාපැදි කරුවන් පසුකර යන වාහන සඳහා අවම දුර ප්‍රමාණයක් හඳුන්වා දී තිබේ.

එම දුර ප්‍රමාණය අඩංගු නීතිය අප්‍රේල් 26 වන දින සිට බලාත්මක කර ඇත.


Highlights

  • අප්‍රේල් 26 සිට පැයට කිලෝමීටර 60 ක් දක්වා වූ වේග සීමා ඇති මාර්ගවල පාපැදි කරුවන්ව අභිබවා යාමේදී අවම වශයෙන් මීටරයක පරතරයක් මෝටර් රථ හිමියන් විසින් තබා ගත යුතුය.
  • පැයට කිලෝමීටර 60 ට වඩා වැඩි වේග සීමා ඇති මාර්ගවල එම පරතරය මීටර් 1.5 ක් වන බව සඳහන්.
  • මෙම නව නීතිය උල්ලංඝනය කළහොත් ඒ මොහොතේම $330 ක දඩයක් පැනවෙන අතර අධිකරණයේදී $1,652 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

පාපැදි කරුවන් නිසා වික්ටෝරියානු ප්‍රාන්තයේ නව නීති

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග වල පාපැදි කරුවන් ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා නව නීතියක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් අප්‍රේල් 26 සිට බලාත්මක කර තිබේ.

ඒ අනුව පැයට කිලෝමීටර 60 ක් දක්වා වූ වේග සීමා ඇති මාර්ගවල පාපැදි කරුවන්ව අභිබවා යාමේදී (overtaking) අවම වශයෙන් මීටරයක පරතරයක් හෝ මෝටර් රථ හිමියන් විසින් තබා ගැනීම අනිවාර්ය වේ.

එමෙන්ම පැයට කිලෝමීටර 60 ට වඩා වැඩි වේග සීමා ඇති මාර්ගවල එම පරතරය මීටර් 1.5 ක් වන බව සඳහන්.

මේ වන තෙක්ම මාර්ග වල පාපැදි කරුවන්ව අභිබවා යාමේදී මෝටර් රථ හිමියන් යම් පරතරයක් තැබිය යුතු බවට නියමයන් තිබුණද ඒවායේ පැහැදිලිතාවය මද බව නිසා මෙම නව තීරණය ගැනුණි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙම නව නීතිය යටතේ, රියදුරන්ට සහ යතුරුපැදිකරුවන්ට පාපැදි කරුවන්ට අවශ්‍ය ඉඩ ලබා දීම සඳහා මාර්ගයේ පින්තාරු කර ඇති ඉරි මද වශයෙන් කපා ධාවනය කළ හැකිය.

නමුත් ඔවුන්ට ඉදිරියෙන් තම මාර්ගයේ පැහැදිලි ඉඩක් ඇති විට පමණක් එසේ කිරීමට ඉඩ ලැබේ.

මේ අතර පාපැදි කරුවන් ද මාර්ග නීති අනුගමනය කළ යුතුය.

ආරක්ෂාකාරීව පාපැදිය ධාවනය කිරීම, පාපැදි සඳහා වෙන්වූ මං තීරු ඇතිනම් ඒවා නිසි පරිදි භාවිත කිරීම සහ හැරවීමේදී අතින් සංඥාවක් ලබා දීම වැනි නීති පාපැදි කරුවන් ද පිළිපැදිය යුතුය.
Transport Accident Commission
Source: Facebook/ Transport Accident Commission

නව නීතිය උල්ලංඝනය කළහොත් ලැබෙන දඩ

මෙම නව නීතිය උල්ලංඝනය කළහොත් ඒ මොහොතේම $330 ක දඩයක් පැනවෙන අතර අධිකරණයේදී $1,652 ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.

එමෙන්ම ඔබේ රියදුරු බලපත්‍රයට demerit points දෙකක්ද ලැබෙනු ඇත.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රාන්තය තුළ පාපැදි කරුවන්ට ආරක්ෂිතව ධාවනය කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.

Fairfield, Northcote, Clifton Hill සහ Fitzroy යන උප නගර සම්බන්ධිත නව පාපැදි මං තීරු සකස් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය මේ වන විටත් සූදානම් වේ.

ඒ හරහා පහසුවෙන් මෙල්බර්න් නගරයට පැමිණීමටත් ඉන් පිටවීමටත් හැකියාව ලැබේ.

මෙම ව්‍යාපෘතිය එළඹෙන ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
The latest rule imposed in Victoria on April 26 because of cyclists
Source: Flickr/ Savio Sebastian

මාර්ග අනතුරු නිසා සිදුවන ජීවිත හානි

පා පැදි කරුවන් නොමැතිව මාර්ග අනතුරු නිසා සිදුවන සියලු ආකාරයේ ජීවිත හානි සැලකිය යුතු ප්‍රමාණයකින් පසුගිය වසරේ පහත බැස තිබෙන බව ප්‍රවාහන අනතුරු කොමිසම පවසයි.

පසුගිය වසරේ පමණක් පාපැදි කරුවන් 13 දෙනෙකු මියගොස් ඇතැයිද එය පසුගිය වසර 5 ට සාපේක්ෂව වාර්තා වූ ඉහළම පාපදිකරුවන්ගේ මරණ සංඛ්‍යාව බවද සඳහන්.

Share
Published 27 April 2021 11:33am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service