කොරෝනා හමුවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව යළි ඇරඹීමට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් මාර්ගෝපදේශන මාලාවක්

ICC has published guidelines for the safe resumption of cricket to assist its Members in restarting cricket activity

Source: AAP

කොරෝනා වසංගතය හේතුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම සදහා අවශ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත්කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව සිදු කරන ලොව රටවල කිහිපයක් කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් පැනවුණු නීති හා සීමාවන් ලිහිල් කිරීමට තීරණය කිරීමත් සමග ICC ය විසින් මෙම මාර්ගෝපදේශන මාලාව එළිදක්වන ලදී.

එම රටවල ක‍්‍රිකට් කී‍්‍රඩාව යළි ආරම්භ කිරීමට සහාය විමක් වශයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ප‍්‍රජා කි‍්‍රකට්, දේශීය සහ ජාත්‍යන්තර කි‍්‍රකට් ආරම්භ කිරීම සදහා මෙම මාර්ගෝපදේශන මාලාව සකස් කර ඇත්තේ එම කවුන්සිලයේ වෛද්‍ය උපදේශක කමිටුව විසිනි.

කොරෝනා වයිරසයෙන් ආරක්ෂාව වී නැවත කී‍්‍රඩාව ආරම්භ කළ හැකි ආකාරය පිළිබද ප‍්‍රායෝගික යෝජනා පමණක් මෙමගින් ලබා දෙන බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පවසයි.

ඒ අනුව කි‍්‍රකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සදහා ප‍්‍රතිපත්තියක් සකස් කර ගැනීම වෙනුවෙන් මෙම මාර්ගෝපදේශන උපයෝගී කර ගන්නා ලෙස ICC ය සිය සාමාජික රටවලට දැනුම් දී තිබේ.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සදහා අදාළ රජයන් විසින් පනවා ඇති නීතිවලට ප‍්‍රමුඛතාව ලබාදෙමින් මෙම මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

  • මෙම මාර්ගෝපදේශන මාලාවට අනුව ක්‍රිකට් තරග අතරතුර දී ශරීර සම්බන්ධතා සහිත සැමරුම් සිදු කිරීමෙන් වැළකිය යුතුය.
  • එමෙන්ම  ක‍්‍රීඩකයින් සහ විනිසුරුවන් ක‍්‍රීඩා පිටියේදීත්, ඉන් පිටතදීත් පුද්ගල දුරස්ථභාවය රදවා ගත යුතුය.
  • පුහුණුවිම්වලදී ද ක‍්‍රීඩකයින් මීටර් එකහමාරක දුරක් හෝ සිය රටේ සෞඛ්‍ය බළධාරීන් ප‍්‍රකාශ කරන දුර ප‍්‍රමාණයකින්  එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම සිදු කළ යුතුය.
  • ක්‍රීඩකයින්ගේ හිස් වැසුම්, අව් කණ්ණාඩි, ඇදුම් වැනි පෞද්ගලික උපකරණ විනිසුරුවන් අතට ලබාදීමෙන් වැළකිය යුතුය.
  • පන්දුව සමග සම්බන්ධ වූ අවස්ථාවන්වලදී ක‍්‍රීඩකයින් නිරතුරුවම විෂබීෂ නාෂක දියර යොදා අත් පිරිසිදු කර ගත යුතු අතර විනිසුරුවන් විසින් පන්දුව ඇල්ලීම සදහා අත් ආවරණ යොදා ගැනීම පිළිබද සලකා බැලිය යුතු බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සිය මාර්ගෝපදේශන මාලාවේ සදහන් කර ඇත.
  • ක‍්‍රීඩකයින් විසින් බීම බෝතල් හෝ බීම, තුවා සහ වෙනත් උපකරණ හුවමාරු කර ගැනීම තුළින් ද කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් ඒවා ද සිදු නොකළ යුතු බව ICC ය දන්වා තිබේ.
  • එමෙන්ම පන්දුවේ දෝලනය සදහා පන්දුව පිරිමැදීමට ඛේටය යොදා ගැනීම තහනම් බවද මෙහිදී ප්‍රකාශ කර ඇත.
  • පන්දුව ඇල්ලීමෙන් පසුව නිරතුරුවම දෑත් විෂබීජහරණයට ලක් කිරීම මෙන්ම, පන්දුව ඇල්ලීමෙන් පසුව ඇස, මුඛය සහ නාසය ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතු බවද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය නිකුත් කළ මාර්ගෝපදේශන මාලවේ ඇතුළත් වේ.

Share
Published 25 May 2020 11:21am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service