2017 ශූරයින්ගේ කුසලානය සඳහා සංගක්කාරත්.

ICC picked up Sanga for 2017 ICC Champions Trophy

Source: espncricinfo

එළඹෙන ජුනි මස 01 වන දින සිට 18 දින දක්වා එංගලන්තයේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරන 2017 ශූරයින්ගේ  කුසලානය සඳහා නිල විස්තර විචාරකයින් නම් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන විස්තර විචාරකයා ලෙස පළමුවරට කුමාර් සංගක්කාර පත් කර ඇති බව වාර්තා වේ.

මේ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කළ, ප්‍රධාන තරඟාවලියන්හිදී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන රසල් ආර්නෝල්ඩ් හට, 2017 ශූරයින්ගේ  කුසලානයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව අහිමී වී ඇති බව සඳහන්.

කුමාර් සංගක්කාරට අමතරව හිටපු සුපිරි ක්‍රීඩකයින් වූ රිකී පොන්ටින්,බ්‍රෙන්ඩන් මැකලම් හා ග්‍රෑම් ස්මිත් ශූරයින්ගේ  කුසලානයේ විස්තර විචාරකයින් ලෙස එක්වීමට නියමිත බවද සඳහන්.

මීට අමතරව ප්‍රවීණ විස්තර විචාරකයින් වන Sourav Ganguly, Shane Warne, Michael Slater, Nasser Hussain, Michael Atherton, Shaun Pollock, Sanjay Manjrekar, Ian Bishop, Ramiz Raja, Simon Doull සහ Athar Ali Khan ද මෙම තරගාවලිය සඳහා විස්තර විචාරකයින් ලෙස දායක වෙයි.

තමාට ලැබුණු මෙම අවස්ථාව මහත් ගෞරවයක් බවත් ලොව හොඳම ක්‍රීඩකයින් තරග කරන ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට තමා නොඉවසිල්ලෙන් පසුවන බවත් කුමාර් සංගක්කාර පවසා ඇත.


Share
Published 19 April 2017 6:12pm
By Madhura Seneviratne
Source: ICC Cricket


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service