ඔස්ට්‍රේලියාවේ Hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ගේ පැය 40 සීමාව ඉවතට (SBS සිංහල/ වාර්තා)

Hospitality සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන් ගේ පැය 40 සීමාව ඉවත් කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.

International students will no longer face a cap on working hours for hospitality and tourism jobs

International students will no longer face a cap on working hours for hospitality and tourism jobs Source: Getty Images/Erdark

ඔස්ට්‍රේලියාවේ hospitality සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන් හට පනවා තිබෙන සති දෙකකට පැය 40 සීමාව ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

මේ පිළිබඳ හෙට ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ 2021/22 අය වැයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


Highlights

  • Hospitality සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන් ගේ පැය 40 සීමාව ඉවත් කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.
  • එමෙන්ම එම ක්ෂේත්‍ර ද්විත්වය ඔස්ට්‍රේලියාවේ critical industries හෙවත් තීරණාත්මක කර්මාන්ත ලෙස දැන් නම් කර ඇත.
  • දැනට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරි නැමීමේදී සලකනු ලබන Priority Skilled Occupation ලැයිස්තුවට පශු වෛද්‍යවරු ද ඇතුළත් කිරීමට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අපේක්ෂා කරයි.

Hospitality සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා කරන ජාත්‍යන්තර සිසුන් ගේ පැය 40 සීමාව ඉවතට

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඇස්තමේන්තු වලට අනුව, ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුහු 300,000 ක් පමණ තම ඉගෙනුම අතරතුර සති දෙකකකට රැකියා කිරීමේදී පැය 40 ක උපරිම සීමාවකට මුහුණ දී සිටිති.

නමුත් Hospitality සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන් ගේ පැය 40 සීමාව ඉවත් කිරීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.

මෙම පියවර මගින් එම අංශවල සේවක පුරප්පාඩු පිරවීමට සහ ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ගොඩනැංවීමට සහාය වනු ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
"මධ්‍යම රජය ප්‍රාන්ත, ටෙරිටරි සහ කර්මාන්තවලට හොඳින් සවන් දුන්නා, ඔස්ට්‍රේලියාවේ COVID-19 වසංගතයෙන් පසු ආර්ථික ගොඩනැංවීම සඳහා වූ තීරණාත්මක අංශවලට සහාය වීම පිණිස මෙම වෙනස්කම් හඳුන්වා දෙනවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාවේ දී මෙම ක්ෂේත්‍රවල ව්‍යාපාර වසා දැමීම් හේතුවෙන් ඒවායේ සේවය කරන පුද්ගලයින් ඇතුළු ජාත්‍යන්තර සිසුන් දැඩි ලෙස පීඩාවට පත්වීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.

Hospitality සහ සංචාරක ක්ෂේත්‍රයේ මිලියන භාගයකට වඩා ඔස්ට්‍රේලියානුවන් සේවයේ නිරතව ඇති අතර අදාළ ව්‍යාපාරවල දැනට සිටින ශ්‍රම බලකායට මෙම වෙනස්කම් අතිරේකව උපකාරී වනු ඇති බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
Indians in Sydney, Australia, flights, travel, ban
Immigration Minister Alex Hawke Source: AAP Image/Lukas Coch

Hospitality සහ සංචාරක කර්මාන්තත් තීරණාත්මක කර්මාන්ත ලෙස නම් කෙරේ

Hospitality සහ සංචාරක කර්මාන්ත ද ඔස්ට්‍රේලියාවේ critical industries හෙවත් තීරණාත්මක කර්මාන්ත ලෙස දැන් නම් කර තිබේ.

කෘෂිකාර්මික, ආහාර සැකසුම්, සෞඛ්‍ය සේවා, ආබාධිත සේවා සහ childcare යන අංශ ද ඔස්ට්‍රේලියාවේ තීරණාත්මක කර්මාන්ත ලෙස සලකනු ලබයි.
Hospitality සහ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන හෝ රැකියා කිරීමට අදහස් කරන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔවුන්ගේ වීසා බලපත්‍රය කල් ඉකුත්වීමට දින 90 කට පෙර 408 COVID-19 වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකි බවද වාර්තා වේ.

මෙමඟින් ඔවුන්ට තවත් මාස 12 ක් දක්වා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට හැකි වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


පශු වෛද්‍යවරුත් Priority Skilled Occupation ලැයිස්තුවට

දැනට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරි නැමීමේදී සලකනු ලබන Priority Skilled Occupation ලැයිස්තුවට පශු වෛද්‍යවරු ද ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke අපේක්ෂා කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි නගා සිටුවීම, ඔස්ට්‍රේලියානු රැකියා නිර්මාණය කිරීමට උර දීම මෙම Priority Migration Skilled Occupation List ලැයිස්තුව හරහා අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියානු වීසා වල තවදුරටත් සංශෝධන ඇතිවන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

"මම අඛණ්ඩව විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රතිචාර සහ උපදෙස් ලබා ගන්නා අතර තාවකාලික වීසා වලට අදාළ නම්‍යශීලී පියවර පිළිබඳ වැඩිදුර නුදුරු අනාගතයේ දී වැඩිදුර නිවේදන නිකුත් කිරීමට අපේක්ෂා කරනවා." යනුවෙන් ද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් පුහුණු ශ්‍රමිකයින් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවී ඇති බැවින් ඔස්ට්‍රේලියාවේ ඇතැම් ක්ෂේත්‍ර වල සේවක පුරප්පාඩු පිරවීම විශාල ගැටළුවක් වී තිබේ.

මේ හේතුවෙන් තාවකාලික වීසා ලාභීන් හරහා එම ගැටලු මග හරවාගැනීමට මධ්‍යම රජය උත්සහ දරමින් සිටියි.

Share
Published 10 May 2021 11:49am
Updated 12 August 2022 3:04pm
By Tom Stayner, Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service