ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමුවත් තවමත් ශිෂ්‍ය වීසා නිකුත් කරනවාද? (SBS සිංහල/ විමර්ශන)

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට යන කාලය තීරණය වන්නේ අයදුම්කරු ඔස්ට්‍රේලියාව තුළ සිටිනවාද නැතිනම් ඔස්ට්‍රේලියාවෙන් එපිට වෙනත් රටක සිටිනවාද යන්න මත බව ඇඩිලේඩ් නුවර සංක්‍රමණ නියෝජිතවරියක වන දේශානි දිණුගලගේ SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

Is Australia still issuing student visas despite border closures?

Is Australia still issuing student visas despite border closures? Source: Getty Images/gawrav

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා තිබේ.

එවැනි තත්ත්වයක් යටතේ ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වැඩසටහනද යම් පසුගාමී තත්ත්වයකට මුහුණ දී ඇත.


Highlights

  • දේශ සීමා වසා දැමුවත් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් තවමත් ශිෂ්‍ය වීසා නිකුත් කෙරේ.
  • ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කළ ශිෂ්‍ය වීසා සාපේක්ෂව ඉක්මණින් ලැබෙන නමුත් වෙනත් රටක සිට අයදුම් කළ ශිෂ්‍ය වීසා ලැබීමට සාපේක්ෂව බොහෝ කල් යන බව පෙනී යයි.
  • ඔස්ට්‍රේලියාවේ වසර 2 ක පාඨ මාලාවක් හදාරා තිබීමෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී පිරිනමන ලකුණු ක්‍රමයේ ලකුණු 5 ක් ලබා ගත හැකිය.

මේ හේතුවෙන් ශිෂ්‍ය වීසා ලබාගෙන ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් බොහොමයක් දැඩි අභියෝගයකට මුහුණ දී සිටියි.

මෙවැනි තත්ත්වයක් යටතේ ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා නිකුත් කිරීමේ තත්ත්වය, ශිෂ්‍ය වීසා අයදුම්පතක් සලකා බැලීමට ගතවන කාලය සහ ඔස්ට්‍රේලියාවට ශිෂ්‍ය වීසා යටතේ පැමිණීමට සිටින පිරිස සිදු කළයුතු දේ පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වී තිබේ.
post-study work visa
Source: Getty Images/WANDER WOMEN COLLECTIVE

දේශ සීමා වසා දැමුවත් ඔස්ට්‍රේලියාවේ තවමත් ශිෂ්‍ය වීසා නිකුත් කරනවාද?

දේශ සීමා වසා දැමුවත් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් තවමත් ශිෂ්‍ය වීසා නිකුත් කෙරේ.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට යන කාලය තීරණය වන්නේ අයදුම්කරු ඔස්ට්‍රේලියාව තුළ සිටිනවාද නැතිනම් ඔස්ට්‍රේලියාවෙන් එපිට වෙනත් රටක සිටිනවාද යන්න මත බව ඇඩිලේඩ් නුවර සංක්‍රමණ නියෝජිතවරියක වන දේශානි දිණුගලගේ SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම් කළ ශිෂ්‍ය වීසා සාපේක්ෂව ඉක්මණින් ලැබෙන නමුත් ඔස්ට්‍රේලියාවෙන් එපිට වෙනත් රටක සිට අයදුම් කළ ශිෂ්‍ය වීසා ලැබීමට සාපේක්ෂව බොහෝ කල් යන බවත් ඇය සඳහන් කළාය.
මෙලෙස බොහෝ ශිෂ්‍ය වීසා නිකුත් කිරීම සඳහා වැඩි කාලයක් ගත කිරීමට එක් හේතුවක් ලෙස ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා සහ Partner වීසා අයදුම්පත් සලකා බැලීමට වීසා නිලධාරීන් වැඩි ප්‍රමාණයක් යොදවා තිබීම සැලකිය හැකි බවද දේශානි පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා ඇති නිසා තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි බැවින් ඔස්ට්‍රේලියාවෙන් පිටත විදෙස් රටවල සිටින ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ගේ අයදුම්පත් සලකා බැලීමට එතරම් ප්‍රමුඛතාවක් නොදක්වන බවත් එනිසා ඒවා තරමක් කල් යන බවත් ඇය ප්‍රකාශ කළාය.
Australian visa application form - Getty
Empregadores ameaçaram estudantes de deportação depois que eles pediram por salários devidos Source: Getty Images

ශිෂ්‍ය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට සිටින අය කළ යුතු දේ

මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට ශිෂ්‍ය වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ඔබට ඔබේ විශ්ව විද්‍යාලයෙන් හෝ අධ්‍යාපන ආයතනයෙන් ඔබේ පාඨ මාලාවට අදාළ Offer එකක් ලැබී ඇතිනම් ඒ සඳහා ලැබෙන COE එක සමග ඉක්මණින් ශිෂ්‍ය වීසා සඳහා අයදුම්කරන ලෙස ඇඩිලේඩ් නුවර සංක්‍රමණ නියෝජිතවරියක වන දේශානි දිණුගලගේ SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

ශිෂ්‍ය වීසා පිරිනැමීමට කල් යනවා යනුවෙන් සිතමින් වීසා සඳහා අයදුම් කිරීම ප්‍රමාද නොකරන ලෙස ද ඇය ප්‍රකාශ කළාය.

ඔස්ට්‍රේලියාවේ වසර 2 ක පාඨ මාලාවක් හැදෑරීමෙන් පසුව 485 වීසා නම්වූ Temporary Graduate වීසා බලපත්‍රයකට අයදුම් කළ හැකිය.

නමුත් ඒ සඳහා අනිවාර්යෙන් ඔස්ට්‍රේලියාව තුළ වසර 2 ක පාඨ මාලාවක් හැදෑරිය යුතුය.
නමුත් කොවිඩ් තත්ත්වය නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටත වුවද සිට අදාළ පාඨ මාලාව වසර 2ක් තුළ හදාරා ඇතිනම් 485 වීසා සඳහා අයදුම් කිරීමට හැකිවන බව දේශානි පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා එකක වසර දෙකක් සිටීම අනිවාර්ය වීම 485 වීසා සඳහා අයදුම් කිරීමට ඇති තවත් අවශ්‍යතාවකි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වසර 2 ක පාඨ මාලාවක් හදාරා තිබීමෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී පිරිනමන ලකුණු ක්‍රමයේ ලකුණු 5 ක් ලබා ගැනීමට හැකියාව පවතී.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ මේ වන විට ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීමට ගතවන කාලය

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීමට ගතවන කාල සීමාවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දක්වන ආකාරයට පහත පරිදි වේ.
Student visa processing times
Student visa processing times Source: Department of Home Affairs

Share
Published 27 September 2021 7:34pm
By Madhura Senviratne
Source: SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service