ධර්ම දූත සේවාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ISIS සාමාජිකයකු ඉන්දියාවේදී අත් අඩංගුවට.

ISIS recruit was in Sri Lanka on missionary work

Source: ISIS

ධර්ම දූත සේවාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ISIS සාමාජිකයකු ඉන්දියාවේදී අත් අඩංගුවට ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බැංගලෝර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 23 හැවිරිදි Abid Khan නැමති මෙම පුද්ගලයා ඉන්දීය NIA සංවිධානය හා කුල්ලු ප්‍රදේශය අත් අඩංගුවට ගැනීමට පෙර  පසුගිය මාස හයක කාලය තුළ හිමාචල් ප්‍රදේශයේ කුල්ලු දිස්ත්‍රික්කයේ බන්ජාර් නගරයේ පල්ලියක විසු බව සඳහන්.

ශ්‍රී ලංකාවට මෑතකදී පැමිණ ගොස් තිබෙන Abid Khan ඉන්දුනීසියාව හරහා සිරියාවට යාමට සැලසුම් කර තිබූ බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

තමන් ඉන්දුනීසියාවට යාමට උත්සාහ දැරුවේ තම ඉන්දුනීසියානු පෙම්වතියව මුණ ගැසීමට බව Abid Khan පොලීසියට පවසා තිබුනද එය විශ්වාස කළ නොහැකි මට්ටමේ කරුණක් බව පොලීසිය පෙන්වා දෙයි.

බැංගලෝරයේ විසූ Abid Khan කුල්ලු ප්‍රදේශයට සම්ප්‍රාප්ත වීම තවත් කතාවකි.

ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් සොයා ඉන්දියාවේ NIA සංවිධානය පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කළ ගවේෂණ හේතුවෙන් සැකකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් හසුවූ නමුත් Abid Khan හට  ඉන් බේරී සිටීමට හැකි විය.

නමුත් ඔහුගේ අනෙක් සගයන් තිදෙනෙකු බැංගලෝරයේදී අත් අඩංගුවට ගැනිණි. ඔවුන් නම් වලින් Asif Ali, Mohammed Afzal සහ  Syed Mujahid ලෙස හඳුනාගෙන ඇත.

සෝදිසි මෙහෙයුම් වලට හසු නොවීමේ අරමුණින් බැංගලෝර් මෙතෝදිස්ත පල්ලියේදී තමන් ඉස්ලාම් ආගමේ සිට ක්‍රිස්තියානි ආගමට පිවිසුනු බව Abid Khan ආරක්ෂක අංශ වෙත හෙළි කර තිබේ. 

කිතුණුවකු බවට පරිවර්තනය වීමෙන් අනතුරුව තමන් පොල් යන නාමයෙන් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කර ශ්‍රී ලංකාවට ගිය බව Abid Khan  ප්‍රකාශ කර ඇත.

ධර්මදූත කටයුතු වල අරමුණින් පසුගිය මාර්තු - අප්‍රේල් කාලයේ Abid Khan  ශ්‍රී ලංකාවට පිවිසි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


Share
Published 23 December 2016 1:00pm
Updated 23 December 2016 1:04pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service