ඔස්ට්‍රේලියාවේ තාවකාලික සේවක වීසා ලබා ගැනීම කම්කරු පක්ෂ රජයක් යටතේ තවත් අසීරු කරන බව හෙළිවේ.

Australian Visa

Source: SBS

තමන් බලයට පත්වුවහොත් ඔස්ට්‍රේලියාවේ තාවකාලික සේවක වීසා ලබා ගැනීම තවත් අසීරු කරන බව කම්කරු පක්ෂය ප්‍රකාශ කරයි.

පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියාවේ 457 වීසා ඛාණ්ඩය අහෝසි කර අසීරු ඉංග්‍රීසි පරීක්ෂණයක් සහිතව නව තාවකාලික වීසා ඛාණ්ඩ 2ක් ඔස්ට්‍රේලියානු රජය මගින් හඳුන්වා දීමට ප්‍රතිචාරයක් ලෙස කම්කරු පක්ෂය මෙසේ පවසා තිබේ.

කම්කරු පක්ෂ රජයක් යටතේ තාවකලික සේවක වීසා ගාස්තු දෙගුණ කරන බවද විපක්ෂ නායක බිල් ශෝටන් පැවසීය.

ඔස්ට්‍රේලියානු සමාගම් දේශීය ශ්‍රමිකයින් නොසළකා විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා සේවයේ පිහිටුවීමට අවසර දුනහොත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා තමන් සහය නොදක්වන බවද ඔහු ප්‍රකාශ කළේය.


Share
Published 4 May 2017 9:26am
Updated 4 May 2017 9:28am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service