ගිරව් - රිලව් කතාව නිසා මාලිංගට මාස 6 කට අත් හිටවූ තරග තහනමක් සමග 50% ක දඩයක්.

Malinga gets suspended ban for breach of contract.

Source: espncricinfo

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරකින් තොරව පිළිතුරු සැපයූයේ යැයි කියන වරදට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට වසරක තරග තහනමක් පනවා එය මාස හයකට අත්හිටුවීමට ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (27/06) තීරණය කළේය.

එම දඩුවමට අමතරව ඔහුගේ මීළඟ එක් දින ජාත්‍යන්තර තරගයේ තරග මුදලින් 50% ක දඩයක් ද පනවා තිබේ.

ඒ අනුව මාලිංගට සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීමට මෙම තහනම බාධාවක්  නොවේ.  

මෙම සිද්ධියට තමන් වැරදිකරු බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට ඊයේ පෙරවරුවේ දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.


Share
Published 28 June 2017 8:41am
Updated 30 June 2017 12:22pm
By Madhura Seneviratne
Source: espncricinfo


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service