ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් මෙල්බන් නුවර නොකඩවා 7 වන වරටත් කිරුළු පළඳියි. (SBS සිංහල/වාර්තා)

ලොව පුරා නගර 140 ක් ඇතුළත් ලෝක ප්‍රකට “The Economist” සඟරාවේ The Economist බුද්ධි ඒකකයේ (EIU) ජීවන දර්ශකයට අනුව මෙම තේරීම සිදු කර තිබේ.

Melbourne Crowned as World's most livable city.

Safest Cities in the World Source: Shutterstock

ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට පත්වීමට මෙවරත් මෙල්බන් නුවර සමත් වී තිබේ.

ඒ අනුව මෙල්බන් නුවර 2011 වසරේ පටන් නොකඩවා වසර 7 ක් පුරාවට ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති අතර එය කැපී පෙනෙන සිදුවීමක් ලෙසද වාර්තා වේ.

ලොව පුරා නගර  140 ක් ඇතුළත් ලෝක ප්‍රකට “The Economist” සඟරාවේ The Economist බුද්ධි ඒකකයේ (EIU) ජීවන දර්ශකයට අනුව මෙම තේරීම සිදු කර තිබේ.

එහිදී සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම්, ස්ථාවරත්වය, සංස්කෘතිය සහ පරිසරය වැනි ක්ෂේත්‍ර සඳහා මෙල්බන නුවරට වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිව ඇති බවද වාර්තා වේ.

මෙවර දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රියාවේ අගනුවර වන වියානා නගරය වන අතර කැනඩාවේ වැන්කුවර් සහ ටොරොන්ටෝ නගර පිළිවෙලින් තුන්වන හා සිව්වන ස්ථානයන්ට පත්ව ඇත.

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර සහ කැනඩාවේ Calgary නුවර දර්ශකයේ 5 වන තැනට තේරී පත්ව ඇත.

මේ අතර පර්ත් නුවර 7 වන ස්ථානයට පත්ව ඇති අතර මෙවර සිඩ්නි නුවර පළමු දහයෙන් ඉවතට ගොස් තිබේ.

සිඩ්නි නුවරට මෙවර දර්ශකයේ හිමිව ඇත්තේ 11 වන ස්ථානය බව සඳහන්.
The Economist Intelligence Unit's (EIU) Liveability Index rank
Source: SMH
අදාළ දර්ශකය මගින් පිරිනමන ලකුණු 100 න මෙල්බන් නුවර හට ලකුණු 97.5 ක් හිමිවී ඇති බවද වාර්තා වේ.

මෙවර දර්ශකයේ පළමු ස්ථාන 5 ම පසුගිය වසරේදී එම ස්ථාන සඳහා තේරී පත්වූ නගරම වීම තවත් විශේෂ සිදුවීමකි.

ලෝකයේ නගර වර්ගීකරණය කිරීමේ ජාත්‍යන්තර මට්ටමේ ඉහළම පිළිගැනීමක් ඇත්තේ  “The Economist” සඟරාවේ The Economist බුද්ධි ඒකකයේ (EIU) ජීවන දර්ශකයට බව මෙල්බන් නගරාධිපති Robert Doyle පවසයි.

“මෙම ලෝක වාර්තාව සම්බන්ධයෙන් සියලුම මෙල්බන් වාසීන් ආඩම්බර විය යුතුයි. මෙමගින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා මෙල්බන් නුවරට වඩා හොඳ ප්‍රතිරූපයක් ලැබෙන අතර උගතුන් බිහි කරන සහ පදිංචි නුවරක් බවට මෙල්බන් නුවර ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති තිබෙනවා.” යනුවෙන් මෙල්බන් නගරාධිපති Robert Doyle වැඩි දුරටත් පැවසුවේය.

අවම අපාරාධ අනුපාතිකයක් පැවතීම මෙල්බන් නුවරට මෙසේ පළමු ස්ථානය හිමි කරගැනීමට හැකිවූ තවත් සාධකයක් බවත් වාර්තා වේ.

නමුත් මෙල්බන් නුවරට ඇති ත්‍රස්ත තර්ජන  පැවතීම හේතුවෙන් පිරිනමන ලකුණු වලට ඍනාත්මක බලපෑමක් සිදුවූ බවද සඳහන්.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************




Share
Published 16 August 2017 9:48pm
Updated 17 August 2017 7:24am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service