පෙබරවාරි 15: මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්‍රිත කොරෝනා පොකුරේආසාදිතයින් 17 දක්වා ඉහළට

Will Victoria’s COVID-19 lockdown be extended?

Will Victoria’s COVID-19 lockdown be extended? Source: Getty Images

දින 5 ක lockdown කාලයේ තුන්වන දිනයට වික්ටෝරියානු ප්‍රාන්තය අද (15/02) එළඹ සිටී.

Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා මෙම lockdown කිරීම සිදුකළ ද එය ඵලදායී ලෙස ක්‍රියාත්මක වී ඇත්දැයි පැවසීමට තවමත් කල් වැඩි බව බලධාරීහු පවසති.

අද වන විට Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිතයෙකු සොයාගෙන ඇති අතර ඒ සමග අදාළ පොකුරට සම්බන්ධ ආසාදිතයින් සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (14/02) වාර්තා වූ ආසාදිතයින් දෙදෙනා නිවෙස් දෙකක වෙසෙන 50 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 3 ක ළමයෙකු බවත් අද වාර්තා වූ ආසාදිතයා එම ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයකු හා සම්බන්ධ බවත් වාර්තා වේ.

දැනට වයිරසය ආසාදනය වී ඇති නමුත් පළමුව කොරෝනා පරීක්ෂණයෙන් ඍණාත්මක ප්‍රතිඵල ලැබුණු හෝටල් නිරෝධායන වැඩසටහනේ සේවකයකු සහභගී වූ උත්සවයකට අදාළ කාන්තාව හා ළමයා ද සහභාගී වී තිබුණු බව සොයාගෙන ඇත. 


Share
Published 15 February 2021 11:07am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service