වීසා කල් ඉකුත් වූ 64,000 ක් ඕස්ට්‍රේලියාවේ - SBS සිංහල/ වාර්තා

කල් ඉකුත් වී ගිය වීසා ලාභීන් අතර පෙරමුණේ සිටින්නේ සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 47,000 ක්. එහි දෙවැනි තැන ජාත්‍යන්තර සිසුන්ට හිමිව ඇති අතර 10,000 කට ආසන්න ජාත්‍යන්තර සිසුන් පිරිසක් පසුගිය වසර තුල මෙරට කල් ඉකුත් වී ගිය වීසා මත රැදී සිට ඇති බව සදහන්.

Australia visa

Australia visa Source: Getty Images

ඕස්ට්‍රේලියාව  තුල සිටින කල් ඉකුත් වී ගිය වීසා  ලාභීන්ගේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබෙන බවත්, ඒ අතරින් වැඩි පිරිසක් මැලේසියානු ජාතිකයින් බවත් සංක්‍රමණ කටයුතු දත්ත පෙන්වා දී තිබේ. පසුගිය වසරේ ජුනි 30 දා  වන විට, කල් ඉකුත් වූ වීසා  ලාභීන් 64,600ක් වාර්තා වී ඇති බවත් එය පසුගිය වසරේ ඕස්ට්‍රේලියාව  සරණාගත රැකවරණ ලබාදුන් පිරිස මෙන් තුන්ගුණයකට වැඩි ප්‍රමාණයක් බවත් වාර්තා මාධ්‍ය වාර්තා සදහන් කරයි.  මේ අතරින් 9,440 ක් දෙනා  මැලේසියානු ජාතිකයින් බව මෙම දත්ත පේනවා දෙන වැදගත් කරුණක්.

 2015 - 16 වකවානුව තුල 17,555 දෙනෙකුට ඕස්ට්‍රේලියාව  මුලික වශයෙන් සරණාගත රැකවරණ ලබාදී ඇති අතර තවත් සිරියානු සහ ඉරාක ජාතික සරණාගතයින් 12,000 කටද ඕස්ට්‍රේලියාව  රැකවරණ ලබාදී තිබේ. 

කල් ඉකුත් වී ගිය වීසා  ලාභීන් අතර පෙරමුණේ සිටින්නේ සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 47,000 ක්. එහි දෙවැනි තැන ජාත්‍යන්තර සිසුන්ට හිමිව ඇති අතර  10,000 කට ආසන්න  ජාත්‍යන්තර සිසුන් පිරිසක් පසුගිය වසර තුල මෙරට කල් ඉකුත් වී ගිය වීසා  මත රැදී සිට ඇති බව සදහන්.

 

 Australian National University හී සංක්‍රමණ නිතිය පිළිබද කථිකාචාර්ය වරියක් වන Marianne Dickie පවසන්නේ අදාල ගැටලුවට පිලියමක් යෙදීමට  සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුව අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවයි. සමහරෙක් හිතා  මතා  තම වීසා  ඉකුත් වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව  තුල රැදී සිටින බවත්, කෙටි කාලයක් රැදී සිටින කෙනෙක් පසුව දීර්ඝ කාලයක් මෙලෙස ඕස්ට්‍රේලියාව තුල රැදී සිටීමට යොමුවන බවත් ඇය පවසයි.

 

මෑතකදී නිකුත් වූ මෙම දත්ත වලට අනුව 12,000කට අධික පිරිසක් වසර 20ක් වැනි දීර්ඝ කාලයක්ද වීසා  ඉකුත් වීමෙන් පසුව ඕස්ට්‍රේලියාව  තුල රැදී සිටින බව සදහන්.

 

කල් ඉකුත් වී ගිය වීසා  ලාභීන් නීතියේ රැහැනට හසු කරගැනීම සදහා ඉලක්ක කරගත් කේෂ්ත්‍ර සෝදිසි කිරීම කටයුතු නිරන්තරයෙන් සිදු කරන බව සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තුව මේ පිලිබදව SBS World News වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. වීසා  කල් ඉකුත් වීමේ සිද්ධීන් වාර්තා වීමේ වැඩි වීමක් දක්නට ලැබෙන බවද සංක්‍රමණ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශක මෙහිදී සදහන් කළේය.

 

සරණාගතයින් පිළිබද නිරන්තරයෙන් කතා බහ කරන නිසා, කල් ඉකුත් වී ගිය වීසා මත මෙරට රැදී සිටින පිරිස් පිලිබදව සමාජ අවධානය අඩු බව  Australian National University හී සංක්‍රමණ නිතිය පිළිබද කථිකාචාර්ය  Marianne Dickie පවසනවා. තවද සංක්‍රමණ කටයුතු දෙපර්තමේන්තුව තම සේවාවන් අන්තර්ජාල සේවාවන් බවට පත් කිරීම හේතුවෙන් වීසා ගැටළු විසදා ගැනීම සමහරක් අයට අසීරු කාරණයක් බවට පත් වී ඇති බවද ඇය  පෙන්වා දී තිබේ. නමුත් සංක්‍රමණ කටයුතු දෙපර්තමේන්තුව පවසන්නේ වීසා  ගැටළු විසදා ගැනීමට හැකි පරිදි රට පුරා  තම දෙපර්තමේන්තුව මගින් විවිධ ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවයි.

 

 

2011 වසරේ සිට කල් ඉකුත් වී ගිය වීසා  මත මෙරට රැදී සිටි පුද්ගලයින්ගේ සංඛ්‍යාව වසරකට දල වශයෙන් 60,000කට ආසන්න අතර, මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සහ ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස පසුගිය වසර කීපය තුල වැඩි වී ඇති වට පිටාවක එය ස්ථාවර මට්ටමක පවතවාගෙන යාමට සංක්‍රමණ කටයුතු දෙපර්තමේන්තුව සමත් වී ඇතැයි  මේ පිලිබදව අදහස් දක්වන Migration Institute නම් සංවිධානයේ උප සභාපති Jonathan Granger පවසයි.

Visa Over Stay Stat
Source: SBS

මැලේසියානු ජාතිකයින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාව තුල වීසා කල් ඉකුත් වීමෙන් පසු රැදී සිටින්නේ ඇයි ?



කොළඹ සැලසුම යටතේ මැලේසියානු පරලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු සමාජයේ කැපී පෙනෙන පිරිස් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා ඇති බවත් ඒ නිසා ඔවුන්ගේ දරුවන්ද උසස් අධ්‍යාපන කටයුතු සදහා ඕස්ට්‍රේලියාවට යොමු කිරීමේ ඉහල ප්‍රවනතාවයක් ඇති බව  Jonathan Granger සදහන් කරයි.  Electronic Travel Authority ක්‍රමය යටතේ මැලේසියානු ජාතිකයින්ට ඕස්ට්‍රේලියාවට  වීසා ලබාගත හැකි බවත් එම වීසා ස්වයංක්‍රීය ක්‍රම වේදයකින් අනුමත වන බවත් ඔහු පවසයි. එමෙන්ම ධනවත් මැලේසියානු ජාතිකයින් මෙන්ම මධ්‍යම පාන්තික  මැලේසියානු ජාතිකයින්ටද මෙම වීසා  ක්‍රම වේදය අනුව වීසා  අයදුම් කල හැකි බව ඔහු පේනවා දෙන කාරණයක්. ඕස්ට්‍රේලියාව  මැලේසියානු ජාතිකයින්ට වීසා  නිකුත් කිරීමේදී ඔවුන් 'low-risk'  නම් කාණ්ඩයට ඇතුලත් කර ඇති අතර, එය සංශෝධනය කිරීම කලාපය සමග පවතින වෙළද සහ රාජ්‍ය  තාන්ත්‍රික සබදතා සදහා අහිතකර අයුරින් බලපෑ  හැකි බව  Jonathan Granger මහතාගේ මතය වී තිබේ.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 21 July 2017 10:36am
Updated 21 July 2017 4:04pm
By Sanjaya Dissanayake
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service