වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ සටනට අමතර ඔස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් අනියුක්ත කෙරේ

The Australian flag is seen on an Australian Defence Force (ADF) uniform.

The Australian flag is seen on an Australian Defence Force (ADF) uniform. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ සටනට අමතර ඔස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් 272 දෙනෙකු මේ සතියේදී එක්වනු ඇත.

මේ වන විටත් ඔස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් 1200 ක් වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටිති.

ආසාදිතයින් සොයා යාමේ කටයුතු සහ ප්‍රාන්ත සීමා කළමණාකරණය කිරීමේ කටයුතු සඳහා ඔවුන් දායක වනු ඇති බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විවෘතව සහය ලබාදෙන බවද මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

එමෙන්ම කොරෝනා පරීක්ෂාව සිදුකරන තවත් ජංගම කණ්ඩායම් 5ක් ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් වික්ටෝරියානු ප්‍රාන්තයට ලබා දීමට පියවර ගෙන තිබේ.

 


Share
Published 20 July 2020 10:07am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service