සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිල මේ වසරේ තවත් පහත වැටෙනු ඇති බවට අනාවැකියක් (SBS සිංහල / වාර්තා )

A file image of new residential properties in Sydney's west

Source: AAP

ඕස්ට්‍රේලියානු නිවාස වෙළද පොළ තුල සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිල ගණන් කැපී පෙනෙන අංගයක් වන අතර, මේ වසර තුල මෙම නගර දෙකේ නිවාස මිල ගණන් තවත් පහල යනු ඇති බව AMP Capital ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය Shane Oliver පවසයි.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙක වන මෙල්බර්න් සහ සිඩ්නි නුවර නිවාස මිල ගණන් පහත වැටීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කල අතර, එම ප්‍රවණතාවය  ඉදිරියටත් ක්‍රියාත්මක වෙමින් මේ වසර අගදීද තව දුරටත් මෙම මිල පහත වැටීම දක්නට ලැබෙනු ඇති බව ආචාර්ය Shane Oliver වැඩි දුරටත් සදහන් කරයි.

දේපල විශ්ලේෂණය කරන සමාගමක් වන CoreLogic සමාගමේ වාර්තාවකට අනුව සදහන් වන්නේ මේ වසරේ මේ වන විට සිඩ්නි නුවර නිවාස මිල සියයට 1.9 කින් පහත වැටී  ඇති බවයි. මෙලබර්න් නුවර නිවාස මිල සියයට 0.5 කින් පහත වැටී ඇති බව වැඩි දුරටත් සදහන්. මීට  අමතරව එම කාලය තුල ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 5 තුල නිවාස මිල සියයට 1කින් පහත වැටී  ඇති බව දත්ත පෙන්වා දී තිබේ.

AMP Capital ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය Shane Oliver සදහන් කරන ආකාරයට සිඩ්නි සහ මෙල්බර්න් නිවාස මිල මේ වසර තුල තවත් සියයට 5ක ප්‍රතිශතයකින් පහත වැටීමට ඉඩ ඇති බව සදහන්. ඊට අමතර ඉදිරි වසරේදී තවත් නිවාස මිල පහත වැටීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දී තිබේ.


Adelaide සහ  Canberra යන නගර වල නිවාස මිලෙහි යම් වර්ධනයක් දැකිය හැකි බවත්, බ්‍රිස්බේන් හී  දක්නට ලැබෙන ජනගහන වර්ධනයත් සමගින් සැලකිය යුතු නිවාස මිල ඉහල යාමක් බලාපොරොත්තු විය හැකි බවත් ආචාර්ය Shane Oliver වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

තවද සිඩ්නි සහ මෙල්බර්න් යන නගර වල වෙන්දේසි වලදී අලෙවි වන නිවාස සංඛ්‍යාවේද  අඩුවක් දක්නට ලැබෙන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබේ. CoreLogic දත්ත වලට අනුව සදහන් වන්නේ, අප්‍රේල් 8 වැනිදායින් නිමාවට පත් සතිය තුල සිඩ්නි නුවර වෙන්දේසියේ අලෙවි වූ නිවාස ප්‍රතිශතය 67.1% ක් බවයි. නිවාස 775ක් මෙහිදී අලෙවි වී ඇති අතර, පසුගිය වසරේ එම වකවානුව තුල අලෙවි වී ඇති නිවාස සංඛ්‍යාව 1,436ක්. එය ප්‍රතිශතයක් වශයෙන් 77.7% ක්.

මෙල්බර්න් නුවර එම සතිය තුල වෙන්දේසි වලදී නිවාස 720 ක් අලෙවි වී ඇති අතර, පසුගිය වසරේ එම වකවානුව තුල නිවාස 1,488 ක් අලෙවි වී ඇති බව සදහන්.

තවද දත්ත වලට අනුව ජාතික වශයෙන්  20%ක පමණ නිවාස මිල පහත වැටීමක් සිදුවීමට ඉඩ ඇති නමුත්, නිවාස වෙලදපොලේ බිදවැටීමක් සිදු නොවනු ඇති බවද ආචාර්ය Shane Oliver සදහන් කරයි.

 

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස මිල වෙනස් වී ඇති ආකාරය

Sydney: පහත වැටීම  1.9 % (පසුගිය මාස 4 තුල ) -  පහත වැටීම 2.6 %  (පසුගිය මාස 12 තුල)

Melbourne: පහත වැටීම 0.5% (පසුගිය මාස 4 තුල )  - මිල ඉහල යාම  4.9% (පසුගිය මාස 12 තුල)

Brisbane: පහත වැටීම 0.1% (පසුගිය මාස 4 තුල )  - මිල ඉහල යාම  1.1% (පසුගිය මාස 12 තුල)

Adelaide: පහත වැටීම 0.4% (පසුගිය මාස 4 තුල )  - මිල ඉහල යාම  1.7% (පසුගිය මාස 12 තුල)

Perth: පහත වැටීම 0.1% (පසුගිය මාස 4 තුල ) - පහත වැටීම 2.3 %  (පසුගිය මාස 12 තුල)

ප්‍රධාන නගර 5 දළ  නිවාස මිල වෙනස් වීම -  පහත වැටීම 1% (පසුගිය මාස 4 තුල )  - මිල ඉහල යාම  0.4% (පසුගිය මාස 12 තුල)


Data by global property analytics group CoreLogic.


Share
Published 11 April 2018 8:21am
By Sanjaya Dissanayake
Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service