නොමිලේ නවාතැන් සහ $200,000 ක් සමග ලාංකික මුරුගප්පන් පවුල පෙර විසූ Biloela නගරයට (SBS සිංහල/ වාර්තා)

මුරුගප්පන් පවුල අද (ජුනි 10) දිනයේදී ඔවුන් සිටි මධ්‍යම ක්වීන්ස්ලන්තයේ Biloela නගරයට ළඟා වීමට නියමිතය.

Priya and Nade Nadesalingam and their daughters Kopika and Tharnicaa at Perth Airport on Wednesday, 8 June, 2022

Priya and Nade Nadesalingam and their daughters Kopika and Tharnicaa at Perth Airport on Wednesday, 8 June, 2022 Source: AAP / Richard Wainwright

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කරමින් දැඩි සටනක නිරතවන ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුල ඔවුන් පෙර විසූ මධ්‍යම ක්වීන්ස්ලන්තයේ Biloela නගරය වෙත අද ළඟා වෙනු ඇත.

දින 1,500 ක පමණ කාලයක් රැඳවුම් මධ්‍යස්ථානවල සිටීමෙන් අනතුරුව ඔවුන්ට මෙලෙස යළි තමන් සිටි ප්‍රදේශයට යාමට අවසර ලැබී තිබේ.


Highlights

  • මුරුගප්පන් පවුල අද (ජුනි 10) දිනයේදී ඔවුන් සිටි මධ්‍යම ක්වීන්ස්ලන්තයේ Biloela නගරයට ළඟා වීමට නියමිතය.
  • Biloela නගරයේ තමන්ට හිමි නිවෙසක මෙම පවුලට මාස 6 ක් කුලී රහිතව වාසය කිරීමට අන්තර් ප්‍රාන්ත ආයෝජකයෙකු කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
  • ඔවුන්ට උපකාර කිරීම පිණිස ඔස්ට්‍රේලියාව පුරා සිටින ඔස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් 200,000 කට වඩා වැඩි මුදලක් රැස් කරන ලදී.

පර්ත් නුවරින් Biloela වෙත

මෙම මුරුගප්පන් පවුලේ පියා නඩේසන් වන අතර මව ප්‍රියා වෙයි.

ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයෝය.

ඔවුන් දෙදෙනා වෙන වෙනම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි අතර පසුව මෙහිදී විවාහ වී තිබේ.

ඒ අනුව ඔවුන්ට ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ දියණියන් දෙදෙනෙකු මේ වන විට සිටියි.

සය හැවිරිදි Kopika වැඩිමහල් දියණිය වන අතර සිව් හැවිරිදි Tharnicaa බාල දියණිය වේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ඔවුහු පසුගිය බදාදා (ජුනි 08) උදෑසන පර්ත් ගුවන් තොටුපොළෙන් ක්වීන්ස්ලන්තය බලා පිටත් වුණු අතර ඊයේ පස්වරුවේ ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් ගුවන් තොටුපොළට ගොඩ බැස ඇත.

ඔවුන් අද (ජුනි 10) දිනයේදී තමන් සිටි Biloela නගරයට ළඟා වීමට නියමිතය.

තම පවුල පර්ත් නුවර ගත කළ කාලය තුළ ලබා දුන් ආගන්තුක සත්කාරයට ස්තූතිවන්ත වන බවත් ඔවුන් නැවත Biloela වෙත යාම ගැන සතුටට පත්වන බවත් ප්‍රියා පර්ත් නුවරදී මාධ්‍ය අමතමින් පැවසුවාය.

"පර්ත් ළමා රෝහලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා, ඔවුන් මගේ පවුලට ගොඩක් උදව් කළා," ප්‍රියා පැවසුවාය.

නිවාස කුලිය රහිත නිවසක් සහ $200,000 කට අධික මුදලක්

මේ අතර Biloela නගරයේ තමන්ට හිමි නිවෙසක මෙම පවුලට මාස 6 ක් කුලී රහිතව වාසය කිරීමට අන්තර් ප්‍රාන්ත ආයෝජකයෙකු කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මුරුගප්පන් පවුල රැඳවුම් භාරයේ පසුවූ කාලය තුළ අහිමි වූ වැටුප් පියවා ගැනීම සඳහා ඔවුන්ට උපකාර කිරීම පිණිස ඔස්ට්‍රේලියාව පුරා සිටින ඔස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් 200,000 කට වඩා වැඩි මුදලක් රැස් කරන ලදී.

මෙම පවුලට සහයෝගය දැක්වීම සඳහා 600,000 කට ආසන්න පිරිසක් Home to Bilo ප්‍රචාරක Angela Frederick විසින් Change.org හරහා ඉදිරිපත් කළ පෙත්සමට අත්සන් කළ අතර, රට පුරා සිටින පවුලේ ආධාරකරුවන්ගෙන් ඔස්ට්‍රේලියානු දේශපාලනඥයන්ට දුරකථන ඇමතුම් සහ විද්‍යුත් තැපැල් 53,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවත් වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් වසර ගණනාවක් සටනක නිරතව සිටින ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුලට bridging වීසා සමයේ ඔවුන් විසූ Biloela නගරයට යාමට පසුගියදා අවසරය ලැබුණේ අන්තර්කාලීන ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Jim Chalmers ගේ නියෝගය හේතුවෙනි.

මුරුගප්පන් පවුලේ වීසා ගැටලුව විසඳෙන තෙක් ඔවුන්ව රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා ගන්නා නියෝගය ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට පැවරී ඇති බලතල උපයෝගී කරගනිමින් අහෝසි කර ඔවුන්ව යළි Biloela නගරයට යැවීමට අන්තර්කාලීන ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Jim Chalmers කටයුතු කළේය.

ඔස්ට්‍රේලියාවේ සරනගතභාවය සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතී.



Share
Published 10 June 2022 10:31am
Updated 10 June 2022 10:34am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service