ඕස්ට්‍රේලියානු සිසුන් ලිවීමට දුර්වලයි - NAPLAN විභාගයේ ප්‍රථිපල ආශ්‍රිත වාර්තාවක් සදහන් කරයි

2011 වසර සමග සංසන්ධනය කිරීමේදී, 5, 7 සහ 9 වසර වල සිසුන්ගේ ලිවීමේ ප්‍රථිපල වල පහත වැටීමක් පෙන්නුම් කරන බව වැඩි දුරටත් මෙම වාර්තාව පෙන්වා දී තිබේ. මෙම විභාග ප්‍රථිපල වල නිරන්තර වර්ධනයක් දැකීම තම බලාපොරොත්තුව බවත්, මෙලෙස ලිවීමේ ප්‍රථිපල වල පහත වැටීමක් දක්නට ලැබීම අවධානය යොමු කල යුතු කාරණයක් බවත් ACARA ප්‍රධාන විධායක Robert Randall පවසයි.

School children

NSW 유치원생들에게 새로운 읽기 교육 방식이 도입될 계획이다. Source: AAP

2018 NAPLAN (National Assessment Program - Literacy and Numeracy) විභාගය පිලිබදව විවිධ විවේචන එල්ල වුවද, විභාගයේ ප්‍රථිපල මේ වන විට නිකුත් වී තිබේ.

මෙහිදී 2017 සහ 2018 වසර වල දත්ත සංසන්ධනය කිරීමේදී 3, 5, 7 සහ  9 වසර වල සිසුන්ගේ සමස්ත ප්‍රථිපල වල සැලකිය යුතු වෙනස් කම් දක්නට නොලැබෙන බව සදහන්.

ගණිතය, කියවීම සහ භාෂා දැනුම යන අංශ වල පැහැදිලි වර්ධනයක්


නමුත් මෙම ප්‍රථිපල අධ්‍යනය කල Australian Curriculum, Assessment and Reporting Authority (ACARA) පවසන්නේ 2008 වසර සමග සංසන්ධනය කිරීමේදී ගණිතය, කියවීම සහ භාෂා දැනුම යන අංශ වල පැහැදිලි වර්ධනයක් සිසුන් තුල දක්නට ලැබෙන බවයි. ඕස්ට්‍රේලියානු පාසැල් සිසුන්ගෙන්, 5 සහ 9 වසර වල සිසුන්ගේ කියවීමද, 3 සහ 5 වසර වල සිසුන්ගේ අක්ෂර වින්‍යාසයද, 3 සහ 7 වසර වල සිසුන්ගේ ව්‍යාකරණද 2008 වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බව සදහන්.

ලිවීමේ ප්‍රථිපල වල පහත වැටීමක්


නමුත් 2011 වසර සමග සංසන්ධනය කිරීමේදී, 5, 7 සහ  9 වසර වල සිසුන්ගේ ලිවීමේ ප්‍රථිපල වල පහත වැටීමක් පෙන්නුම් කරන බව වැඩි දුරටත් මෙම වාර්තාව පෙන්වා දී තිබේ. මෙම විභාග ප්‍රථිපල වල නිරන්තර වර්ධනයක් දැකීම තම බලාපොරොත්තුව බවත්, මෙලෙස ලිවීමේ ප්‍රථිපල වල පහත වැටීමක් දක්නට ලැබීම අවධානය යොමු කල යුතු කාරණයක් බවත් ACARA ප්‍රධාන විධායක Robert Randall පවසයි. මෙහිදී උගන්වන ආකාරයේ යම් වෙනස්කම් සිදු කල හැකිද යන්න සහ සිසුන්ගේ ලිවීමේ කුසලතා දියුණු කල හැක්කේ කෙසේද යන්න අධ්‍යනය කළයුතුව ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබද විවේචන

Students sat for Naplan examinations online
Students sat for Naplan examinations online Source: SBS

 3,5,7 සහ 9 වසර වල සිසුන්ගෙන්  සියට 20% කට ආසන්න ප්‍රමාණයක්, මෙවර NAPLAN විභාගයට අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල් තාක්ෂණයට අනුව මුහුණ දුන් අතර,  අනෙක් පිරිස සම්ප්‍රදායික ක්‍රමයට විභාගයට මුහුණ දුන් බව සදහන්. මේ ආකාරයෙන් ක්‍රම දෙකකට විභාගය පැවැත්වීමෙන් ලැබෙන ප්‍රථිපල අසාධාරණ බව ඕස්ට්‍රේලියානු අධ්‍යාපන වෘත්තීය සමිතිය පවසයි.

මේ නිසා  මෙවර NAPLAN විභාගයේ ප්‍රථිපල කිසිදු වලංගු භාවයක් නොමැති බව එම වෘත්තීය සමිතියේ සභාපතිනි Correna Haythorpeගේ මතය වී තිබේ. අන්තර්ජාලය ඔස්සේ විභාගයට මුහුණ දුන් ලක්ෂ 200,000කට ආසන්න සංඛ්‍යාවකගේ ප්‍රථිපල සහ සම්ප්‍රදායික පෑනෙන් ලියන විභාගයට මුහුණ දුන් 800,000කට ආසන්න සිසුන් පිරිසකගේ ප්‍රථිපල සංසන්ධනය කල නොහැකි බව ඇය වැඩි දුරටත් පෙන්වා දෙන කාරණයක්.


NAPLAN විභාගය 2020 වන විට සම්පුර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම රජයේ සැලසුම වී තිබේ.

මෙම ප්‍රථිපල සම්බන්දයෙන් කිසිදු ගැටළුවක් නැහැ


මෙම ප්‍රථිපල සම්බන්දයෙන් දෙමාපියන් කිසිදු බියක් ඇතිකරගත යුතු නැති බව ACARA ප්‍රධාන විධායක Robert Randall පවසයි. ප්‍රාන්ත සහ ටෙරටරි වල බලධාරීන් සමග මේ පිලිබදව සාකච්චා කල බවත්, ක්‍රම දෙකකට පැවැත්වුවද අදාල ප්‍රථිපල සංසන්ධනය කල හැකි බව ඔහුගේ මතය වී තිබේ. NAPLAN විභාගයේ ප්‍රථිපල අදාල නිවෙස් වෙත යොමු කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර, එම ක්‍රියා දාමය සැප්තැම්බර් මාසයේ මැද දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.


මෙම විභාග ප්‍රථිපල පිලිබදව අවසන් අධ්‍යන වාර්තාව දෙසැම්බර් මාසයේ එළි දැක්වීමට නියමිතයි.


Share
Published 29 August 2018 5:37am
By Sanjaya Dissanayake
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service