ඔස්ට්‍රේලියාවේ සයිබර් අවදානම පිළිබඳ නව සයිබර් ආරක්ෂණ කටයුතු අමාත්‍යවරයා ගේ මංගල කතාව. (SBS සිංහල/වාර්තා)

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම්, බලශක්ති අර්බුද, මාර්ග අනතුරු සහ ආර්ථික කඩා කප්පල් ක්‍රියා වැනි දේවල් මෙම සයිබර් ප්‍රහාර හේතුවෙන් සිදු විය හැකි බවත් එවැනි තත්ත්වයකදී රජයක් වශයෙන් ජනතාව ඉන් මුදවාගන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව නගන ප්‍රශ්නයට රජය මුහුණ දිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

New cyber security minister speaks about Australia's 'vulnerabilities'

Source: SBS

හැකර්වරුන් සහ සයිබර් ත්‍රස්තවාදය නිසා ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට ඇති අවදානම් තත්ත්වය පිළිබඳ අද (23/11) සයිබර් ආරක්ෂාව සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම  අමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී මංගල කතාව පවත්වන ලදී.

පසුගිය කාලයේ දිගින් දිගටම ඔස්ට්‍රේලියාවට එල්ල වූ සයිබර් ප්‍රහාර හේතුවෙන් ඔස්ට්‍රේලියාව ඉන් මුදවා ගන්නට අග්‍රාමාත්‍යවරයා හට සහය දීම පිණිස මෙම නව තනතුර පත් කරගත් අතර ආරක්ෂක අමාත්‍ය Dan Tehan ඒ සඳහා පත් කර තිබේ. රජයේ ඩිජිටල් ආරක්ෂාව වැඩි දියුණු කිරීම පිළිබඳව ඔහු අද දිනයේදී කරුණු දැක්වූයේය.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම්, බලශක්ති අර්බුද, මාර්ග අනතුරු සහ ආර්ථික කඩා කප්පල් ක්‍රියා වැනි දේවල් මෙම සයිබර් ප්‍රහාර හේතුවෙන් සිදු විය හැකි බවත් එවැනි තත්ත්වයකදී රජයක් වශයෙන් ජනතාව ඉන් මුදවාගන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව නගන ප්‍රශ්නයට රජය මුහුණ දිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාවට සෑම තර්ජනයකටම මුහුණ දිය හැකි ශක්තියක් පවතිනවා කියා අප සිතුවොත් ඒ සම්බන්ධව අප දුර්වල විය හැකි බවද අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය අප්‍රේල් මාසයේ එළි දැක්වූ නව ජාතික සයිබර් ආරක්ෂණ ක්‍රමෝපාය යටතේ මෙම නව පත්වීම සිදු කර ඇති අතර එම වැඩපිළිවෙල සඳහා ඩොලර් මිලියන 230 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

සයිබර් ආරක්ෂණ ක්‍රමෝපායන් ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපනය කිරීම වේගවත් කිරීමට අමාත්‍යවරයාට අවශ්‍යව ඇති අතර අවධානය යොමු විය යුතු තවත් අවදානම් පැතිකඩයන් මොනවාද යන්න පිළිබඳ කරුණු දැනගැනීම ටද ඔහු අපේක්ෂා කරයි.

පාරිභෝගික තොරතුරු අපරික්ෂාකාරී ලෙස නිදහස් කිරීම සහ සොරකම් කිරීම සම්බන්ධව සමාගම් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සම්බන්ධ පනත් කෙටුම් පතේ ඇති වැදගත්කම පිළිබඳවද ඔහු එහිදී අවධාරණය කළේය.

මෙම ක්‍රියා කාරකම් හේතුවෙන් පාරිභෝගිකයන් හට ඔවුන්ගේ රහස්‍ය අංක වෙනස් කිරීමට, ගිණුම් වසා දැමීමට හෝ ඇතිවන්නට යන අවදානම් තත්වයේ තරම අවබෝධ කරගෙන තීරණ ගැනීමට අවස්ථාව උදා වනු ඇති බව ද අමාත්‍ය Dan Tehan පැවසුවේය.

පසුගිය සමයේදී Yahoo, Ebay සහ LinkedIn යන බහු ජාතික සමාගම් වලින් දැවැන්ත ලෙස දත්ත සොරකම් කිරීම් සිදු වූ බව වාර්තා විය.

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර වලින් 6%ක් පමණක් මෙම පනත මගින් ආවරණය වන අතර කුඩා පරිමාණ ව්‍යාපාර හේතුවෙන්  සෙසු ඒවා නිදහස් වන බවද සඳහන්. 


Share
Published 23 November 2016 11:41pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service