ඔස්ට්‍රේලියාවට පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයන් තහනම් කළ යුතුයි : නවතම සමීක්ෂණයකින් හෙළිවේ. (SBS සිංහල /වාර්තා)

Essential ආයතනය සිදු කළ මෙම සමීක්ෂණයේදී මුස්ලිම් ජාතික සංක්‍රමණිකයන් තහනම් කළ යුතු බවට පක්ෂව 49%ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. ඊට අමතරව 40%ක් දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

Australians back Muslim migrant ban

Source: AFP

ඔස්ට්‍රේලියාවට පැමිණෙන මුස්ලිම් ජාතික සංක්‍රමණිකයන් තහනම් කළ යුතු බව නවතම සමීක්ෂණයකදී බහුතරයක් පවසා ඇති බවට කම්කරු පක්ෂය අනතුරු අඟවා තිබේ.

Essential ආයතනය සිදු කළ මෙම සමීක්ෂණයේදී මුස්ලිම් ජාතික සංක්‍රමණිකයන් තහනම් කළ යුතු බවට පක්ෂව 49%ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. ඊට අමතරව 40%ක් දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන මුස්ලිම් ජාතික සංක්‍රමණිකයන් තහනම් කළ යුතු බවට කැමැත්ත පළ කළ පිරිස අතර 60%ක් ලිබරල් සන්ධානයට සහය දෙන බවත් 40%ක් කම්කරු පක්ෂයට සහය දෙන බවත් 34%ක් ග්‍රීන්ස් පක්ෂයට සහය දෙන බවත් හෙළිව තිබේ.
Australians back Muslim migrant ban
Source: Essential
මුස්ලිම් ජාතිකයන් ඔස්ට්‍රේලියානු සමාජයත් සමග මුහු නොවීම හේතුවෙන් තමන් ඔවුන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව 41% දෙනා ප්‍රකාශ කර ඇත. මීට අමතරව ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් 27%ක්ද ඔස්ට්‍රේලියානු වටිනාකම් හුවමාරු නොකිරීම හේතුවෙන් 22%ක්ද මෙහිදී මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු වී ඇත.
Australians back Muslim migrant ban
Source: Essential

අපි සැවොම පැමිණියේ වෙනත් තැනක සිටයි

ඔස්ට්‍රේලියාව යනු සංක්‍රමණිකයන්ගේ රටක් බවත් එහි අනාගතය මිනිසුන්ගේ එකමුතු බව මත රැදී ඇති බවත් කම්කරු පක්ෂ නායක බිල් ශෝර්ටන් පෙන්වා දෙයි.

“ස්වදේශික ඔස්ට්‍රේලියාවන් හැරුණු කළ අපි හැමෝම වෙන කොහෙන් හෝ මෙහි පැමිණි අය” ඇඩිලේඩ් නුවරදී මාධ්‍ය හමුවේ බිල් ශෝර්ටන් පැවසීය.

විශාල ගැටළු මතු කරන සුළු පිරිස් වල බිල්ලක් වන්නට ඔස්ට්‍රේලියාව පත් නොකළ යුතු බවත් ඔහු පැවසීය.

මුස්ලිම් ජාතිකයන් බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට සහය පළ නොකළ බවට ඉස්ලාම් අන්තවාදී පිරිස් කතිකාවක් ගෙනයමින් පවතියි. ඉස්ලාම් ආගම බටහිර ප්‍රජාතන්ත්‍රවාදයත් සමග නොගැලපෙන බවද ඔවුන් පවසයි.

කෙසේවෙතත් One Nation පක්ෂයේ නායිකා Pauline Hanson පසුගිය සතියේ සිය මංගල පාර්ලිමේන්තු කතාවේදී ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවෙන් තහනම් කළ යුතු බවකි. ඊට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නේ මුස්ලිම් ජාතිය ඔස්ට්‍රේලියාව ගිල ගනිමින් පැවතීමත් ඔවුන්ගේ සංස්කෘතිය සහ සංකල්ප ඔස්ට්‍රේලියානු සංකල්පත් සමග නොගැලපෙන බවත්ය.

නමුත් ඇගේ එම ප්‍රකාශය ඔස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කළ අතර ඔස්ට්‍රේලියාව යනු ලොව පවතින සාර්ථකම බහු සංස්කෘතික රට බව අවධාරණය කළේය. 


Share
Published 21 September 2016 11:59pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service