ශ්‍රී ලංකාවට නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක්.

New Zealand will open a High Commission in Sri Lanka.

Source: SBS

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය Murray McCully මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නවසීලන්ත රජයේ ඇති කැපවීම පෙන්නුම් කරන්නක් බව නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

30 වසරක යුද්ධයෙන් අනතුරුව යළි ගොඩනැගෙමින් පවතින ශ්‍රී ලංකාවට ආර්ථික හා දේශපාලනික වශයෙන් සහයෝගය දැක්වීමට නවසීලන්ත රජය කටයුතු කරන බවද  ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නවසීලන්ත අපනයනයකරුවන්ට වැඩි අවස්ථා උදාවී ඇති බව ද නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


Share
Published 24 March 2017 7:41pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service