Newstart දීමනාව මදි නිසා ඔස්ට්‍රේලියාවේ රැකියා විරහිත පුද්ගලයින් කුසගින්නේ සිටියි.

A man enter a Centrelink branch in Australia

A man enter a Centrelink branch in Australia Source: AAP

ඔස්ට්‍රේලියාවේ Newstart දීමනාව ලබන රැකියා විරහිත පුද්ගලයින් මුදල් ඉතිරි කරගැනීම සඳහා තම ආහාර වේල් මග හරින බව වාර්තා වේ.

සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාව සිදුකළ නවතම සමීක්ෂණයට අනුව මෙය හෙළිව ඇත.

Newstart දීමනාව හරහා දිනකට ලැබෙන ඩොලර් 40 ක මුදල ඉතිරි කරාගැනීමට ඔවුන් මෙසේ තම ආහාර වේල් මග හරින බව එහිදී හෙළිවී තිබේ.

Newstart දීමනාව ලබන පුද්ගලයිනේගෙන් 44% ක්ම අවම වශයෙන් සතියකට ආහාර වේල් 5 ක් පමණ මුදල් ඉතිරිකරගැනීම සඳහා මග හරින බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

මේ අතර මුදල් පිරිමසා ගැනීමට ශීත කාලයේදී heating පහසුකම්ද ග්‍රීෂ්ම කාලයේදී cooling පහසුකම්ද තමන් ලබා නොගන්නා බව Newstart දීමනාව ලබන පුද්ගලයිනේගෙන් තුනෙන් දෙකක්ම එහිදී පවසා තිබේ.

මෙම සමීක්ෂණ දත්ත වලට අනුව වතමන් Newstart දීමනාව ඉතා ඉක්මණින් ඉහළ දැමිය යුතු බව සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති කලමනකරිනියක ලෙස කටයුතු කරන Charmaine Crowe පවසයි.


Share
Published 29 July 2019 12:15pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service