ඔස්ට්‍රේලියාවේ 457 වීසා ලාභී හෙදියන් පිළිබඳ අලුත්ම කතාවක්. (SBS සිංහල/වාර්තා)

රජයේ 2014 ඔස්ට්‍රේලියාවේ අනාගත සෞඛ්‍ය ශ්‍රම බලකාය වාර්තාවට අනුව 2030 වන විට ඔස්ට්‍රේලියාවට අමතර හෙදියන් 123,000 ක් අවශ්‍ය වනු ඇත. නමුත් මීට ප්‍රතිවිරුද්ධව, 457 වීසා ඛාණ්ඩය යටතේ විදේශ රටවලින් මෙරට සේවය සඳහා බඳවා ගන්නා හෙදියන් බඳවා ගැනීම පසුගිය වසර 3 ඇතුළත අඩාල වී තිබේ.

Nursing 457s on the decline

Source: www.mysmarteducation.com

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් රෝහල් සඳහා 457 වීසා ඛාණ්ඩය යටතේ හෙදියන් බඳවා ගැනීමට අපහසු වී තිබේ.

රජයේ 2014 ඔස්ට්‍රේලියාවේ අනාගත සෞඛ්‍ය ශ්‍රම බලකාය වාර්තාවට අනුව 2030 වන විට ඔස්ට්‍රේලියාවට අමතර හෙදියන් 123,000 ක් අවශ්‍ය වනු ඇත.

නමුත් මීට ප්‍රතිවිරුද්ධව, 457 වීසා ඛාණ්ඩය යටතේ විදේශ රටවලින් මෙරට සේවය සඳහා බඳවා ගන්නා හෙදියන් බඳවා ගැනීම පසුගිය වසර 3 ඇතුළත අඩාල වී තිබේ.

457 වීසා ඛාණ්ඩයේ හෙදියන් බඳවා ගැනීම ක්‍රමයෙන් අඩුවීමට හේතුව ශ්‍රම බලකායේ සැලසුම් වැඩි දියුණු කිරීම සහ 2012 පැවති 133 ක් වූ සීමාවාසික තනතුරු ප්‍රමාණය 2016 වසර වන විට 983 දක්වා ඉහළ ගොස් තිබීම බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිතයෙකු පැවසීය.

සෞඛ්‍ය ශ්‍රම බලකායේ, ස්වයං කාර්යක්‍ෂමතාව යනු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනගහනයට දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙන්නක් නමුදු නිපුණතා හිඩැස පිරවීම සඳහා තාවකාලික වීසා යටතේ අනාගතයේදී පිරිස් බඳවා ගැනීමට සිදු වන බව ඇය පැවසුවාය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට 457 වීසා ඛාණ්ඩය යටතේ ලියාපදිංචි හෙදියන් සංඛ්‍යාව 1879 කි. එය 2009 වසරේ සිට වාර්තා වූ අඩුම ප්‍රතිශතය බවට පත්වේ.

කෙසේවෙතත්, 2011 වසරේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝගියෙකු හට හෙදියක් යන සංකල්පය ක්‍රියාත්මක වන අතර එහිදී හෙදියන්ගේ අඩුව පුරවා ගැනීමට වසර 2ක් සහිත 457 වීසා ලාභීන් යොදාගනී.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝගියෙකු හට හෙදියක් යන සංකල්පයේ 457 වීසා ලාභී හෙදියන් ක්‍රම ක්‍රමයෙන් පහත බසින බව පෙන්වා දී ඇති අතර එය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පමණක් තනිව බලපාන එකක් ද නොවේ.
Nursing 457s on the decline
Source: Department of Immigration
පසුගිය වසර ත්‍රිත්වය තුළ වික්ටෝරියා, ක්වීන්ස්ලන්තය හා බටහිර ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්ත වලද 457 වීසා ඛාණ්ඩය යටතේ හෙදියන් බඳවා ගැනීම වාර්තාගතව විශාල වශයෙන් අඩුවී ඇත.

මෙසේ 457 වීසා හිමි හෙදියන් සැළකිල්ලට නොගැනීම හේතුවෙන් අත්දැකීම් සහිත තරුණ හෙදියන් ක්ෂේත්‍රයට අහිමිව යන බව ඔස්ට්‍රේලියානු හෙද හා වින්නඹු මාතාවන්ගේ සංවිධානයේ මහා ලේකම් Annie Butler පවසයි.

මේ වන විට අපගේ හෙදියන්ගේ සහ වින්නඹු මාතාවන් ගේ සාමන්‍ය වයස අවුරුදු 47 ක් පමණක් වන බව Annie Butler වැඩි දුරටත් පැවසුවාය.

තවත් වසර 10 කින් මේ වන විට සේවය කරන හෙදියන් සහ වින්නඹු මාතාවන් විශ්‍රාම යාමට නියමිත බව නිසා එම පුරප්පාඩු පිරවීමට අප දැන්ම සූදානම් විය යුතු බව ඇය පෙන්වා දෙයි.

කෙසේවෙතත්, විශේෂයෙන්ම ප්‍රාදේශීය කලාප වල සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය ප්‍රතිසංස්කරණය කිරීමේදී මතුවන අභියෝග හේතුවෙන් කෙටි කාලීනව 457 වීසා ලාභීන් නොකඩවා බඳවා ගැනෙන බව සඳහන්.
දේශීය හෙදියන්ගේ හිඟ භාවය පිළිබඳ රෝහල් කළමනාකාරීත්වය සමග පසුගිය වසරේදී ජූලි මාසයේදී සාකච්ඡා කර තිබු අතර Wagga Wagga පුවත්පතක් වන The Daily Advertiser  එය උපුටා දක්වයි.

මේ වන විට Wagga Wagga Rural Referral රෝහලේ 457 වීසා ඛාණ්ඩය යටතේ සේවය කරන හෙදියන් සංඛ්‍යාව 26 ක් වන අතර තවත් 5 දෙනෙකු ඉදිරි මාස කිහිපය තුළ එක් වීමට නියමිතයි.

ඔවුන් අතරින් වයස අවුරුදු 31 ක හෙදියකට අනුව ඇයගේ සංක්‍රමණය ලිපි ලේඛන කාර්ය ක්‍රමය සඳහා සති 7 ක් ගතවී ඇත.

සෞඛ්‍ය සේවය සඳහා සේවකයින් බඳවා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවත් හෙදියන්ගේ අවශ්‍යතාව උච්චාවචනය බවත් Murrumbidgee දේශීය සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ විධායක අධ්‍යක්ෂ Karen Cairney පැවසුවාය.

අපි සැමවිටම පුරප්පාඩු ඇතිවීමට අවම ඉඩක් ලබාදී තිබෙන්නේ අපගේ රෝගීන් වෙනුවෙන් රැක බලාගැනීමේ කටයුතු සිදු කිරීමට නියම ප්‍රමාණයක හෙදියන් සිටිය යුතු  නිසා බව    Karen Cairney පැවසුවාය.

Share
Published 2 February 2017 2:14am
Updated 12 August 2022 3:58pm
By Madhura Seneviratne, Jackson Gothe-Snape, Marija Jovanović
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service