2018 නව වසරේ උදාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආකර්ෂණීය මල් වෙඩි සංදර්ශන වලින් සමරයි.

Fireworks explode over the Sydney Harbour during New Year's Eve celebrations in Sydney, Monday, January 1, 2018.

Fireworks explode over the Sydney Harbour during New Year's Eve celebrations in Sydney, Monday, January 1, 2018. Source: AAP

2018 නව වසරේ උදාව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර ආකර්ෂණීය මල් වෙඩි සංදර්ශන සමග අති උත්කර්ෂවත් අන්දමින් සැමරූ බව වාර්තා වේ.

ඒ අතරින් සිඩ්නි නුවර වරාය ආශ්‍රිතව වාර්ෂිකව පවත්වන මල් වෙඩි සංදර්ශනය මෙවරත් කැපී පෙනුණු බව සඳහන්.

සිඩ්නි නව වසර උදාව

ටොන් 8 ක මල් වෙඩි ප්‍රමාණයක් මෙවර සිඩ්නි නුවර මල් වෙඩි සංදර්ශනය සඳහා යොදාගත් බවත් ඔස්ට්‍රේලියාව තුළ  සමලිංගික විවාහ නීතිගත කිරීම සැමරීමට සහ සමලිංගික පුද්ගලයින්ගේ වාර්ෂික සැමරුම වන Mardi Gras උත්සවයේ 40 වන සැමරුම  මේ වසරේ යෙදී තිබීම සැමරීම සඳහා එම මල් වෙඩි සංදර්ශනයේ මධ්‍ය කොටස දේදුන්නක ආකාරයකට නිර්මාණය කර තිබු බවද සඳහන්.

නව වසර උදාව සැමරීමට ඊයේ රාත්‍රියේ සිඩ්නි වරාය පරිශ්‍රයට මිලියනයක පමණ ජනකායක් රැස්ව සිටි බවද වාර්තා වේ.

මේ අතර නව වසර උදාව සැමරීමට සිඩ්නි නුවරට රැස්වූ එම විශාල ජනකායගේ හැසිරීම පිළිබඳ ඉතා සතුටු වන බවත් සිඩ්නි නව වසර උදාවේ සැමරුම් උත්සවය සාර්ථකව නිම කිරීමට හැකිවූ බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහකාර පොලිස් කොමසාරිස් Mark Walton පැවසීය.

මෙල්බන් නව වසර උදාව

මේ අතර නව වසර උදාව සැමරීම සඳහා මෙල්බන් නුවර ටොන් 14 ක මල් වෙඩි සංදර්ශනයක් පැවැත්විණි.

මිනිත්තු 10 ක කාලයක් පුරාවට උස් ගොඩනැගිලි 22 ක සිට විශාල ප්‍රමාණයේ මල් වෙඩි 68 ක් ගුවනට යොමු කළ බව වාර්තා වේ.

මෙල්බන් නුවර මෙම මල් වෙඩි සංදර්ශනය නැරඹීම සඳහා අති විශාල ජනකායක් මෙල්බන් Federation චතුරශ්‍රයට පැමිණ සිටි බවද සඳහන්.

බ්‍රිස්බන් හා ඇඩිලේඩ්

මේ අතර අකුණු කුණාටු සහ අයහපත් කාලගුණය හේතුවෙන් බ්‍රිස්බන් නුවර නව වසරේ මල් වෙඩි සංදර්ශනය මෙවර ක්‍රියාත්මක නොවූ අතර ඇඩිලේඩ් නුවර මල් වෙඩි සංදර්ශනය ඇඩිලේඩ් නගර මධ්‍යයේ සහ Glenelg සිට ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.

නවසීලන්තය ඇතුළු ලොව සෙසු රටවල් නව වසර උදාව සැමරූ අයුරු.

2018 නව වසර ප්‍රථම වරට උදාවූ නවසීලන්තය ද ආකර්ශනීය මල් වෙඩි සංදර්ශනයකින් නව වසර පිළිගනු ලැබූ බව වාර්තා වේ.

නව වසරේ උදාව සැමරීම සඳහා දහස් ගණන් නවසීලන්ත වැසියන් මාර්ග වල සහ මුහුදු වෙරළ වලට රොක් වී සිටි බවත් Auckland නුවර මිනිත්තු 5 ක පමණ මල් වෙඩි සංදර්ශනයක් පැවැත්වුණු බවත් සඳහන්.

මේ අතර ජපානයද ලොවට සාමය ප්‍රාර්ථනා කරමින් නව වසරේ උදාව සැමරූ අතර 2018 වසර ඔවුන්ට අනුව සුනඛයාගේ වසර ලෙස වාර්තා වේ.

චීනයද නව වසරේ උදාව සංකේතාත්මකව ඉහළින්ම සැමරූ අතර නව වසරේ විදේශ සම්බන්ධතා වලදී චීනය අත්‍යවශ්‍ය භූමිකාවක් නිරූපණය කරන බවට චීන ජනාධිපති Xi Jinping සිය නව වසරේ කතාවේදී සඳහන් කළේය.


Share
Published 1 January 2018 11:52am
Updated 1 January 2018 11:55am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service